(මීගමුව ඩබ්ලිව්. හියුබට් ප්‍රනාන්දු)
තෙල් තාච්චියට බෝලයක් වැටුණයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු දබර කර ගත්තැයි කියන සිද්ධියක් පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බව දුන්ගාල්පිටිය පොලිසිය පවසයි.
මෙම සිද්ධියේදී එක් කාන්තාවක අනෙක් කාන්තාවට පහරදී ඇති අතර තුවාල ලත් කාන්තාව ප්‍රතිකාර සඳහා මීගමුව දිසා මහා රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම සිද්ධිය වූ දින ළමයින් පිරිසක් සෙල්ලම් කරමින් සිටින විට අදාළ බෝලය ආහාර පිළියෙළ කරමින් සිටි කාන්තාවගේ තෙල් තාච්චියට වැටී සිට තිබේ. එහිදී කාන්තාවන් දෙදෙනා අතරවූ ආරවුල දිග් ගැසී දුරදිග ගොස් එක් කාන්තාවක අනෙක් කාන්තාවට තුවාල සිදුවන අයුරින් පහරදී ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබේ.
තුවාල ලැබ මීගමුව රෝහලට ඇතුළත් කර සිටින්නේ මීගමුව පිටිපන පදිංචි 31 හැවිරිදි කාන්තාවකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුන්ගා ්පිටිය පොලිසිය මීගමුව දකුණු පිටිපන පදිංචි 32 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබ සිටින්නීය.
අනාවරණය වී ඇති අන්දමට සිද්ධියට අදාළ දෙදෙනාම විවාහක කාන්තාවෝ වෙති.
දෙදෙනාගේ ළමයින් සෙල්ලම් කරමින් සිටින විට බෝලය අනෙක් කාන්තාව කෑම පිසිමින් සිටි තෙල් තාච්චියට වැටී ඇති අතර, එහිදී කතුන් දෙදෙනා අරගල කරගෙන තිබේ.
පොලිසිය සිද්ධියට අදාළ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට
අලුත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලුණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තෙල් තාච්චියට වැටුණු බෝලෙට කතුන් දෙදෙනෙක් ගුටි ඇනගෙන