IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


තෑග්ගක් ගන්න පැය 24ක් නොකඩවා ගුවන්විදුලිය අහලා

(අකිල බද්දේවිතාන)

තමන්ට ගුවන් විදුලි නාලිකාවකින් ත්‍යාගයක් ලැබුණු බවට වූ ව්‍යාජ ඇමතුමක් හේතුවෙන් එක දිගට පැය 24ක් ගුවන් විදුලිය ශ‍්‍රවණය කළ තරුණියක් සම්බන්ධ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.

ඇය දකුණු පළාතේ යුවතියක වුවද සිය උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කොළඹට පැමිණ සිටියාය. අදාළ තරුණිය සිය නවාතැන්පොළේ සිටියදී බොහෝ වේලාවට ගුවන් විදුලියට සවන් දුන්න ද එයට එතරම් ඇබ්බැහි වී සිටියේ නැත.

ඇගේම හිතවතකු දිනක් ඇගේ ජංගම දුරකතනයට වෙනත් දුරකතන අංකයකින් ඇමතුමක් ලබාදී ඇයට විහිළුවක් කිරීමට සිතුවේය. ඒ අනුව ඇයට එක්තරා ගුවන් විදුලි නාලිකාවකින් ආමන්ත‍්‍රණය කරන ආකාරයට දුරකතන ඇමතුමක් දුන් හිතවතා ඇයට අදාළ ගුවන්විදුලි නාලිකාවෙන් විශාල මුදල් ත්‍යාගයක් හිමිවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පැය 24 ඇතුළත ඇගේ නම ද සඳහන් කරමින් ගුවන් විදුලියේ ප‍්‍රචාරය වන බව දන්වා සිටියේය.

මේ ඇමතුමෙන් ඉතාමත් ප‍්‍රීතියට පත්වූ තරුණිය වහාම ගුවන් විදුලිය කි‍්‍රයාත්මක කර අදාළ නාලිකාවට සුසර කළාය. මෙම සතුටුදායක පුවත සිය නවාතැන්පොළේ සිටි යෙහෙළියන්ට ද දැනුම් දුන් ඇය පැය කිහිපයක් ගුවන් විදුලිය ළඟටම වී ශ‍්‍රවණය කරමින් සිටියාය. එසේ පැය කිහිපයක් ගතවූ විට එක් යෙහෙළියක ඇයට කියා සිටියේ මෙය ව්‍යාජ පණිවිඩයක් විය හැකි බවත් මෙසේ ගුවන් විදුලියට සවන් දෙමින් කාලය කා දැමීම ඵලක් නැති ක‍්‍රියාවක් බවත්ය.

 එහෙත් තරුණියට මේ පිළිබඳ සිතීමට වුවමනාවක් නොවූ අතර ඇය එක දිගටම ගුවන් විදුලියට සවන් දෙමින් සිටියාය. ඇගේ යෙහෙළියන් නින්දට ගිය ද ඇය පසුදා වනතුරුම අඩ නින්දේ ද ගුවන් විදුලියට සවන් දෙමින් සිටියාය. ඒ අතරතුර ඇයට අනෙකුත් දෛනික කටයුතු ද අතපසු වී තිබිණි.

පැය 24ක් ඉක්මවූ පසු ඇයට මේ පිළිබඳ සැක සිතී යෙහෙළියන් සමග සාකච්ඡා කර අදාළ ඇමතුම පැමිණි අංකයට ආපසු ඇමතුමක් ගැනීමට උත්සාහ දැරුව ද එය විසන්ධිවී තිබිණි. ඒ අනුව කාට කාටත් කාරණය වැටහිණි. ඇය රැවටීමට සිතා කවුරුන් හෝ අදාළ දුරකතන ඇමතුම දී ඇති බව තහවුරු වීම නිසා තරුණිය බොහෝ සේ ලජ්ජාවට පත්වූ අතර ඉන්පසු ගුවන් විදුලියට සවන්දීම ද ඇය ඇත්හැර දැමුවාය.



අදහස් (2)

තෑග්ගක් ගන්න පැය 24ක් නොකඩවා ගුවන්විදුලිය අහලා

abaran Tuesday, 22 August 2017 07:50 AM

කෙසේ වෙතත් අප්‍රතිහත ධෛර්යයකින් යුතු ළමයෙක්.. හරි මගට වැටුනොත් ජයගන්නවා නියතයි....

:       0       0

රෝහණ මාතරගේ Wednesday, 23 August 2017 11:04 AM

දකුණේ උදවිය ගොඩක් බුද්ධිමත් කියන්නේ නිකන් නෙවෙයිනෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 312 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 767 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 859 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1233 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1565 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1020 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site