(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)
තවත් මුරකරුවකු ලබාගැනීමේ අරමුණ ඇතිව ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගිය පෞද්ගලික වත්තක මුරකරුවෙකුට රැකියාව අහිමිවීමේ පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා විය.
දඹුල්ල කලුන්දෑව ප්‍රදේශයේ පෞද්ගලික වත්තක සේවය කරන මුරකරුවෙකු පසුගියදා රාත්‍රියේ හදිසියේ පැමිණිල්ලක් දැමීම සඳහා දඹුල්ල පොලිසියට පැමිණ තිබිණි. ඔහු පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ ටී 56 ගිනි අවියක් තම බෙල්ලට තබා ඝාතනය කරන බවට තර්ජනය කොට අයෙකු ඉඩම ඇතුළට ගිය බවය. ඇතිවූ බිය නිසා පසුපස හඹා නොගිය බවත් පැමිණි පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකි බවත් පොලිසියට ප්‍රකාශ කර තිබිණි.
දිගින් දිගටම ඔහුගේ පැමිණිල්ල සටහන් කිරීමට මත්තෙන් පොලිසිය විස්තර විමසන්නට වූ අතර ටී 56 ගිනි අවියක් අතැතිව පුද්ගලයෙකු පැමිණි නිසා වහාම ක්‍රියාත්මක වූ පොලීසිය ජංගම මුර සංචාර රථයට දුරකථනය හරහා දැනුම් දී එම ප්‍රදේශයේ සෝදිසියට පිටත් කර යැවීමට පියවර ගෙන තිබිණි.
කණ්ඩායමක් කලුන්දෑව ප්‍රදේශයේ ටී 56 ගිනි අවිය සහිත පුද්ගලයා පිළිබඳව විමර්ශන කටයුතු කිරීමට සූදානම් වෙද්දී පොලිසියේ සිටි සෙසු පොලිස් නිලධාරින් මෙය සිදු වූ ආකාරය පිළිබඳව මුරකරුගෙන් ප්‍රශ්න කරන්නට විය.
එහිදී එක් පොලිස් නිලධාරියකුට මේ පිළිබඳව සැක මතුවී මුරකරුගෙන් දැඩිව ප්‍රශ්න කරන්නට වූ අතර ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම් ඔහුට අධිකරණයෙන් දඬුවම් විඳීමට සිදුවන බවත් දැනුම් දී තිබේ.
පසුව මෙම මුරකරු පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ මෙම පෞද්ගලික වත්තේ එක මුරකරුවෙකු පමණක් සිටින බවත් තම රස්සාව ආරක්ෂා කර ගැනීමට තවත් මුරකරුවෙකු ලබා ගැනීමට ඇවැසි නිසා රාත්‍රී කාලයේ තමා දැඩි බියෙන් පසුවන නිසා මෙම ව්‍යාජ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පැමිණි බවත්ය.
පසුව දඹුල්ල පොලීසියේ නිලධාරීන් වහාම ජංගම මුර සංචාරයේ යෙදුණු නිලධාරීන් පොලිස් ස්ථානයට කැඳවීමට පියවර ගෙන මෙම ප්‍රකාශය පිළිබඳව එම පෞද්ගලික වත්තේ හිමිකරුට දැනුම් දී ව්‍යාජ පැමිණිල්ල සටහන් කිරීමකින් තොරව මෙම පුද්ගලයාට දැඩි ලෙස අවවාද කොට පොලිසියෙන් පිටත් කර යවා තිබේ. පසුව වත්තේ හිමිකරු මෙම පුද්ගලයා ඉවත් කොට ඇතැයි පොලිසියට වාර්තා වී තිබේ.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තනිය මකාගන්න බොරු පැමිණිල්ලක් කර රස්සාවටත් තට්ටුවෙලා