IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


තට්ටු ගේ හදන්න ගිය බාස්ලා අල්ලපු ගෙදර ඇත්තන්ගේ ජංගි හෝදලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
තට්ටු නිවාසයක ඉදිකිරීම් වැඩට කොළොම්පුරයට ගිය පෙදරේරුවන් ඇතුළු කණ්ඩායමකට පෙදරේරු කාර්යය පසෙක තබා කාන්තා යට ඇඳුම් සෝදා දීමට සිදුවීමේ පුවතක්  ඓතිහාසික යාපහු පුරවයෙන් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


කොළොම්පුරයේ සේවයට ගිය පෙදෙරේරුවකුට කොන්ත්‍රාත්තුවක් ලැබුණේ තට්ටු නිවහනක බාගෙට නැවතී තිබෙන වැඩ කොටස් අවසන් කිරීමටය. 


ඒ අනුව එම කාර්යය කරදීම සඳහා අදාල කණ්ඩායමත් රැගෙන පෙදරේරුවා ගියේ එහි නැවතී එය ඉටුකරදීම පිණිසය.


පිරිසක් බදාම අනති. තවත් අය බදාම රැගෙන යති. මේසන් බාස්ලා බිත්ති ගොඩනැගීමේ නියැලෙති. කපරාදු කරති. බිත්තිවල සුද මදිති. සියල්ල කඩිනමින් සිදුවෙයි.


ඔවුන් වැඩ කරන නිවස සමීපයේ තවත් නිවහනකි. එය තාප්පවලින් වෙන්වී තිබේ.


එහි වෙසෙන්නේ කුලියට සිටින කාන්තාවන් පිරිසකි.


ඔවුන් උදෑසන සේවය සඳහා පිටත්ව යන්නේ තම සේදූ ඇඳුම් වේළෙන්නට එළියේ වැලට දැමීමෙන් පසුවය. 


බදාම රැගෙන උඩට යාමේදී හා බිත්තිවලට බදාම ගැසීමේදී විසිවෙන බදාම කොටස් යාබද නිවසේ ඒ සීමාවේ වනාතිබෙන ඇඳුම් මත තැවරී ඇත. එය දුටු නිවෙස් හිමි කත සිද්ධිය දැක වැඩෙහි නියැලෙන පෙදරේරුවන්ට පෙන්වා දොස් නගන්නට වූවාය.


සිද්ධිය දුටු පිරිස එයට සමාව අයැද සිටියහ.


“සමාව ගත්තට බෑ. මේ ළමයි මගේ දරුවන් නෙමෙයි. ඒ ඇඳුම් සෝදන්න මට බෑ” නිවෙස් හිමි කත ඔවුන්ට දෙහි කපන්න පටන් ගත්තාය.


එන පොට හොඳ නැති බව දැනගත් බාස්උන්නැහැලා  කණ්ඩායම තමන් කරමින් සිටි කාර්යය පසෙක තබා තාප්පයෙන් එම ගෙමිදුලට පැන ඒ රෙදි සියල්ල සෝදා පිරිසුදු කර ඒවා තිබූ තැන්වලම නැවතත් වනන්නට ලහි ලහියේ කටයුතු කළේ එම කාන්තාවන් එහි පැමිණීමට මත්තෙන් ඒවා වියළාදීම සඳහාය.


ඇතැම් රෙදිවල තැවරී තිබුණු බදාම කොටස් ඉවත් කරන්නට ඔවුන්ට එක්වී දැඩි වෙහෙසක් දැරීමට ද සිදුවිය.


ඒවා සියල්ලම කාන්තා ඇඳුම් බවත්, ඉන් බොහොමයක් ඔවුන්ගේ යට ජංගි බවත් දැනගන්නට තිබුණි.



අදහස් (1)

තට්ටු ගේ හදන්න ගිය බාස්ලා අල්ලපු ගෙදර ඇත්තන්ගේ ජංගි හෝදලා

ශාන් Monday, 27 January 2020 12:02 PM

මොකද්ද මේ භාෂා භවිතය?

:       138       529

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 129 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 679 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 805 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1217 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1545 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1017 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 188 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1478 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site