(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මුදල් හදිසියකට මුදල් සොයන්නට ගෙවීමේ ක්‍රමයට රූපවාහිනියක් මිලදී ගෙනා බව කියන කාන්තාවක පිළිබඳව මීරිගම ප්‍රදේශයේ ගම්මානයකින් පසුගියදා වාර්තා විය.
සටකපට කාන්තාවකි. මිල මුදල් කොතරම් තිබුණත් ඇයට ඇතිවන්නේ නැත. සැමියාගේ එදිනෙදා කුලී වැඩෙන් දිවි රැකගන්නා මේ පවුලේ වෙනත් අවශ්‍යතා සඳහා මුදල් වැය කිරීම බිරිඳ විසින් කරගෙන යයි.
ඇය සීට්ටු දමයි. දිනපතා පොලියට මුදල් ලබා ගනියි. මෙසේ ලබාගත් විවිධ ණය නිසා ඒවා ගෙවීමේ ගැටලුවකට ඇය මුහුණ පා සිටියාය. ඇගේ ණය තුරුස් පියවන්නට සැමියා කටයුතු කළේ ද නැත. දිනපතා කොටස් වශයෙන් ගෙවන පොරොන්දුව මත ලබාගත් ණය පොලී මුදල් ගෙවීමට ඇයට අතක් නැතිවිය. මේ වනවිට ගෙවීමට ඇති ණය හා පොලිය රුපියල් හතළිස් දහසකට ආසන්නය.
අසල්වාසියකුගෙන් රුපියල් දස දහසක මුදලක් ඉල්ලා ගත්තේ අලුත්ම රූපවාහිනියක් විකිණීමට තිබෙන බව දන්වමිනි. අසල්වැසියා රූපවාහිනිය මිලදී ගැනීමට කැමති වූයේ එය අලුත්ම එකක් බව පැවසූ නිසාත් අඩු මුදලකට ලබා ගත හැකිවන නිසාත්ය. සවස රූපවාහිනිය ලැබෙන තුරු ඔහු රුපියල් දස දහසක අත්තිකාරමක් ද කාන්තාවට දුන්නේය.
කාන්තාවට ගණදෙවි නුවණ පහළ විය. ඇය කළේ නගරයේ රූපවාහිනී වෙළෙඳ ආයතනයකට යාමය. අතේ ඇති රුපියල් දස දහස ගෙවා වාරික ගෙවීමේ ක්‍රමයට රූපවාහිනියක් මිලදී ගත්තාය. මෙසේ ලබාගත්තේ රුපියල් හැත්තෑදහසක් පමණ වන එකකි.
රූපවාහිනිය ලබාගත් කාන්තාව කෙළින්ම ගියේ මුදල් ඉල්ලාගත් අසල්වැසියා හමුවන්නටය. මට මේකට පනහක් දෙන්න. ඇය කීවේ එහි ලදුපත් ආදිය ද පෙන්වීමෙන් පසුවය. තමන් අතට ලැබෙන්නට යන ලාභය ගැන සැලකු අසල්වැසියා ඉතිරි හතළිස් දහස ඇයට දී රූපවාහිනිය අයිති කරගත්තේය.
කාන්තාව මෙම මුදලින් ඇගේ ණය තුරුස් පියවා නිදහස් වූවත් මාසිකව රූපවාහිනියේ වාරික ගෙවන්නට සිදුවන බව සිහිපත්වූ ඇය ඒ සඳහා මුදල් සොයන ක්‍රමයක් ගැන සිතමින් පසුවෙන බව ද දැනගන්නට ලැබිණි.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ණයතුරුස්වලින් ගොඩඑන්න කළ උප්පරවැට්ටිය පාරාවළල්ලක් වෙලා
දිමුත් Wednesday, 10 July 2019 07:06 AM
ඔයිට වඩා හිතන්න තිබ්බා