(මොරගොල්ලාගම සිසිර කැලේගම)
මනාපයක් ලබා ගැනීම සඳහා අතරමංව සිටි තැනැත්තකු ඡන්ද පොළට රැගෙන යන අතරතුරේදී ඔහු විරුද්ධ පාක්ෂිකයකු බව දැනගෙන හෙතෙම අතරමග දමා යාමේ පුවතක් ඇතුගල්පුරවරයෙන් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
පොල්ගහවෙල ප්‍රදේශයේ සිට ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයට ඡන්දය දැමීම සඳහා පිරිසක් ඔවුන් සතු පුද්ගලික වෑන් රථයකින් ඊයේ (05) පෙරවරුවේදී පැමිණෙමින් සිටියහ. ඒ අවස්ථාවේදී කුරුණෑගල නගරයේ බස් රථයක් නොමැතිව තම ගම්බිම් බලා යාමට නොහැකිව අතරමංව සිටි තැනැත්තකු මොවුනගේ නෙත ගැටී ඇත. තමාට... ගමට යාමට අවශ්‍ය නමුත් බසයක් නොමැති බව හෙතෙම ඔවුනට පැවසීය.
‘‘අපිත් යන්නේ ගල්ගමුව ප්‍රදේශයට එහෙනම් ඔයාටත් යන්න පුළුවන්’’ සැබෑ මිනිසුන් ලෙස පිහිට වී ඔහු වෑන් රථයට නංවාගෙන පැමිණෙමින් සිටි අතරවාරයේ රටේ තත්ත්වය හා ඡන්ද උණුසුම ගැන ඔවුන් කතා කරමින් පැමිණියේය.
වෑන් රථයේ පිරිස... ‘‘අහවල් අපේක්‍ෂකයා නම් අපිට ඇස් දෙකට පේන්න බැහැ’’ යනුවෙන් පවසා තිබේ. ඒ සමගම අතරමංව සිට එහි නැගී එන තැනැත්තා ද
‘‘මටත් එයා නම් පෙන්නන්න බැහැ. මමවත් අපේ ගෙදර එකෙක්වත් ඔය අපේක්ෂකයාට නම් ඡන්දයක් දෙන්නේ නැහැ.’’ යනුවෙන් පෙරළා පිළිතුරු දී තිබේ. ඒ සමගම වෑන් රථයෙන් පැමිණි පිරිස මුහුණෙන් මුහුණ බලාගෙන ටික දුරක් නිසොල්මන්ව ඉදිරියට විත් වෑන් රථය නවතා ඇත.
‘‘මහත්තයෝ අපි මෙතනින් යන්නේ ඔයා බහිනවාද. කරුණාකර වෙනත් වාහනයක යන්න’’ කියා රැගෙන ආ තැනැත්තා බස්සවා විකල්ප මාවතක් ඔස්සේ වෑන් රථය ඉදිරියට ගොස් ඇත. එම පිරිස... අහවල් අපේක්‍ෂකයා හොඳ නැති බව පවසා ඇත්තේ මෙම තැනැත්තාගේ හිත බලන්නට බවත්, එම පිරිස එකී අපේක්‍ෂකයාගේ ඥාති පාර්ශ්වයක් නිසා සිත් තැවුලට පත්ව මෙම තැනැත්තා අතරමග දමා නික්ම ගොස් ඇති බවත් පසුව දැන ගන්නට ලැබී තිබේ.
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඡන්දපොළට යන්න වාහනයට නැග්ග මගියාගේ කට වැරදී මග හලා ගිහින්