IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගෙදර ගෝරිය අස්සේ අල්ලපු ගෙදර මිනිහා ගෑනිගෙ ඇඳට නැගලා

හොරවැඩකට ගිය හිතවතා හදිසියේම තහනම් ගෙඩියක රස බලන්නට ගොස් අනුනවයෙන් බේරීම පිළිබඳ පුවතක් ඇහැලියගොඩට නුදුරු ගමකින් වාර්තාවේ.


 අල්ලපු ගෙදර අලුත් ජෝඩුව මෙදින  සවස් භාගයේ සිට ඔරොප්පු වී එකිනෙකාගේ වැරදි කියා ගනිමින් බහින් බස් වන අයුරු ඔහුට ඇසුණි. මෙදින රාත්‍රි 10.00ට පමණ මෙම ඔරොප්පුව උත්සන්න වී දෙදෙනා වේගවත් ලෙස වචන හුවමරු කර ගත්හ.


 තමුසේ මට දීපු රත්තරන් වළලු හතරයි- මුද්දයි-චේන් එකයි ඔන්න මේස උඩට දැම්ම තමුසේ මේව ගිහින් අර හොර ගෑනිට දෙනවා. මට එපා” බිරිඳ  එසේ කියමින් මොනවා හෝ මේසයක් මතට විසිකරන ආකාරය අඳුරේ සිට අල්ලපු ගෙදර ගෙහිමියා දුටුවේය. ටික වේලාවකින් දබර කරගත් ගෙදර සැමියා “මම යනවා මගේ ගෙදරට. තමුසේ තනිවම ඉන්නවා.  මම ආයේ එන්නේ නැහැ” කියා තම යතුරුපැදියෙන් පිටත්ව ගියේය.


 දැන් ගෙදර ඉදිරිපස දොර ඇර ඇති ගමන්ය. බිරිඳ කාමරයේ ඇඳට ගොස් හඬන්නට වූවාය. මද වේලාවකින් නිවසතුළ නිහැඬියාව රජකරවන බව අල්ලපු ගෙදර ගෙහිමියාට දැනුණි. ඔහු  හෙමින් හෙමින් ගේ ඇතුළට ගොස් ඉදිරිපස විදුලිය විසන්ධි කළේය. තම අතෙහි  වූ විදුලි පන්දම දල්වා මේසය මත වූ රන් භාණ්ඩ තම සාක්කුවට දමාගත්තේය.


 ඉන් පසුව  කාමරයට ඔළුව දමා බලනවිට ගෙහිමි කාන්තාවට නින්දගොස් ඇති බව දැනගත්තේය. අල්ලපු ගෙදර ගෙහිමියාට රන් භාණ්ඩ  පිළිබඳව ඇතිවූ බලවත් ආශාව ක්‍ෂණිකව තුරන්ව ගොස් ඇඳමත වැතිර සිටින කාන්තාව කෙරෙහි බලවත් ආශාවක් හට ගත්තේය. ඔහු විදුලි එළිය (විදුලි බුබුල) නිවාදමා කාන්තාව සිටි ඇඳෙහි වාඩිවී ඇගේ හිස පිරිමදින්නට පටන් ගත්තේය.


 වහා නින්දෙන් අවදි වූ කාන්තාව නැගිට මම ඔය අතගෑවිල්ලට අදනම් රැවටෙන්නේ නෑ. යනව යන්න අර හොර ගැනි ළඟට කියා අල්ලපු ගෙදර ගෙහිමියා තල්ලුකර දැම්මාය. ඇය හිතුවේ අමනාප වූ සැමියා තමා ළඟට ආවා කියාය.


 බිමට තල්ලු වුන අල්ලපු ගෙදර ගෙහිමියා  පැන දුවන විට  සාක්කුවේ දමාගත් රන් බඩු ගෙතුල වැටී තිබුණි. විදුලි බුබුළු දල්වා බලන විට තම සැමියා නොව වෙනත් අයෙකු තමා ළඟට පැමිණ බව දැන බියවූ ඇය වහාම තම සැමියාට දුරකථන  ඇමතුමක් දී ගෙදරට ගෙන්වා ගත්තේය. දෙදෙනා යළිත් සමගි වූහ. 

(ඇහැලියගොඩ රාමචන්ද්‍ර ගුණසේකර)

 



අදහස් (2)

ගෙදර ගෝරිය අස්සේ අල්ලපු ගෙදර මිනිහා ගෑනිගෙ ඇඳට නැගලා

Walter White Monday, 30 December 2019 03:23 AM

මට නම් මේක විහිළුවක් නෙවේ, ඇත්තක් නම් බොහොම බරපතල අපරාධ වෙලා තියෙනවා, බරපතලම දෙය ස්ත්‍රී දූෂණ තැත්කිරීම, පොලීසියෙන් මේ ගැන පරීක්ෂණයක් කල යුතුයි. මොකද ඔය අසල්වැසියා නම ගිය අපරාධකරුවෙක් වෙන්න පුළුවන්, තවත් මෙවැනි දෑ කර ඇති.

:       0       21

KRIS Monday, 30 December 2019 09:09 AM

මට මේ කතාව කියෙව්වම, ප්‍රශ්න කිහිපයක් සිතට නැගුණි. රාත්‍රී 10න් පසුව බිරිඳත් සමග රණ්ඩු වී ගෙදරින් පිටත්ව ගිය සැමියාගෙයි ඉදිරිපස දොර ඇර ගියේ ඇයි? ගෙයි ඉදිරිපස දොර වසා තිබේදැයි නොබලා බිරිඳ ඇඳට ගියේ ඇයි? තරුණ කාන්තාවක් තනියම ගෙදරක සිටින විට, මොන ප්‍රශ්න ආවත් අද කාලයේ මෙසේ නොසැලකිල්ලෙන් ජීවත් වෙනකොට මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද? ඉල්ලන් කනවා කියන්නේ ඕවට තමයි.

:       0       16

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 820 0

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 638 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 553 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 335 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා
2024 අප්‍රේල් මස 20 350 0

කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ


ගැමියාගේ සත්කාරයෙන් රාලහාමිට එලොව පොල් පෙනිලා
2024 අප්‍රේල් මස 20 635 0

අමුතු ආගන්තුක සත්කාරයක් කළ ගැමියකු ගැන පරගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. ඔහු අධ්‍යාපනය නොලද, තරමක මෝඩ පහේ ගැමියෙකි. විවාහක ඔහු රජයේ අනවසර ඉඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site