(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
ගුරු වෘත්තියේ යෙදෙන ගුරු බිරියගේ මාසික වැටුප සොරකම් කරගෙන ගොස් මිතුරන් හය දෙනකු සමග මත්පැන් පාටියක් පැවැත් වූ බව කියා සැමියා නිවසින් එළවා දැමීමේ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
මෙලෙස නිවෙසින් එළවා දමා ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක පදිංචි 33 හැවිරිදි තරුණ එක්දරු පියෙකි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
නිවසින් එළවා දමා ඇතැයි කියන 33 හැවිරිදි තරුණ එක්දරු පියා කොළඹ ප්‍රදේශයේ තරු පහේ හෝටලයක සේවය කරමින් සිටින අවස්ථාවේ එම හෝටලයක පැවැති සාදයකදී මීට වසර හයකට ඉහතදී කළුතර ප්‍රදේශයේ පදිංචි තරුණියක් හඳුනා ගත්තේය.
එම අවස්ථාවේ දී තරුණියට ස්ථිර රැකියාවක් නොතිබුණු අතර පසුව දෙපාර්ශ්වයේ කැමැත්ත පරිදි විවාහ මංගල්‍යය චාම් අයුරින් පවත්වා මීට වසර හතරකට පමණ ඉහතදී තරුණිය හෝටල් සේවකයාගේ කෑගල්ල නිවෙසට කැන්දාගෙන ආවේය.
පසුව හොටල් සේවකයා කොළඹ රැකියාවට යමින් එමින් සිටින අවස්ථාවේ දී බිරිය දියණියක් ද බිහි කළාය. ඔය අතරවාරයේ දී තරුණියට රජයේ ගුරු පත්වීමක් ද ලැබුණි. කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමීය පාසලක සේවය කිරීමට ඇයට අවස්ථාව ද උදා විය.
විවාහ ගිවිස ගැනීමෙන් පසුව හෝටල් සේවකයා තදින්ම මත්පැන් පානය කිරීමට ද හුරු පුරුදු විය. කීප අවස්ථාවකදීම මත්පැන් පානය කර සේවය කරන අවස්ථාවේ දී හෝටලයේ බලධාරින් තරයේ අවවාද ද කර ඇති බවද වාර්තා වෙයි. එම අවවාද ද නොපිළිගෙන සේවය කරමින් සිටින අවස්ථාවක බලධාරින් විසින් මීට වසරකට පමණ ඉහතදී හොටල් සේවකයා සේවයෙන් ඉවත් කර තිබිණි.
පසුව හෝටල් සේවකයා රැකියාවක් නොකර නිවසට වී දියණිය රැකබලා ගෙන සිටින අතර බිරිය රැකියාවෙන් ලබන වැටුපෙන් දියණියටත් සැමියාටත් කන්න අඳින්න දෙන්නට ඇයට සිදුවිය.
රන් භාණ්ඩ පවා උකස්කර සැමියා මත්පැන් පානය කර ඇති අතර බිරිය ඒවා බේරාගෙන පවුලේ සම්පූර්ණ බරද කරට ගෙන පවුල් ජීවිතය පවත්වාගෙන ආවාය. ඇතැම් අවස්ථාවලදී දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු වුවද පසුදාට යළි තරුණ ජෝඩුවක් සේ කටයුතු ද කරයි.
මෙසේ සිටියදී ගුරුවරියට ඉකුත් 18 වැනිදා සිකුරාදා මාසික වැටුපට හිමි චෙක්පත ලැබිණි. දිනය සිකුරාදා වූ බැවින් ඇය චෙක්පත මාරු කර ගැනීමට නොගිය අතර සඳුදා වූ 21 වැනිදා පාසල ඇරී ඒ මොහොතේදීම කෑගල්ල නගරයට ගොස් චෙක්පත මාරු කර නිවෙසට අවශ්‍ය කෑම බීම බඩු මුට්ටුවලින් කොටසක් ද රැගෙන ත්‍රිරෝද රථයකින් නිවෙසට පැමිණියාය.
ගුරුවරියට ලද වැටුපෙන් තව රුපියල් 22,000ට ආසන්න මුදලක් ඉතිරිව එය අත් බෑගයේ දමා තිබුණි. ඇඳුම් ගලවා කුස්සියට ගිය ගුරුවරියගේ අත් බෑගයේ තිබූ රුපියල් 22,000 ක මුදල රැගෙන තරුණ සැමියා පසුව නිවෙසින් හොර රහසේම පිට වී ගොස් තිබිණි.
සැමියා නිවෙසේ නොමැතිවීම හේතුවෙන් සොයා බලා ඇති ගුරුවරිය මුදල් දමා තිබූ අත් බෑගය ද පරීක්ෂා කෙරිණ.
එහිදී ඇයට දැන ගන්නට ලැබී ඇත්තේ වැටුපෙන් ඉතිරි වූ මුදල නොමැති බවය. අනිවාර්යයෙන්ම සැමියා රැගෙන යන්නට ඇතැයි සිතූ ගුරුවරිය නිවෙසේ රාජකාරි කරමින් සිටින අවස්ථාවේ දී අධික ලෙස මත්පැන් පානය කර රාත්‍රි 10 ට පමණ සැමියා නිවෙසට පැමිණියේය.
පසුව මුදල් පිළිබඳ ගුරුවරිය තරුණ සැමියාගෙන් විමසා සිටි අවස්ථාවේ දී බෑගයේ තිබූ මුදල් රැගෙන ගොස් මිතුරන් හය දෙනකු සමග මත්පැන් පානය කළ බව ප්‍රකාශ කළේය. පසුව ගුරුවරිය සැමියාට නිවෙසේ සාලයේ තිබූ ප්ලාස්ටික් පුටුවකින් පහරදී නිවෙසින් එළවා දමා ඇති බවත් පසුව ඔහු මත්පැන් පානය කළ තරුණයකුගේ නිවෙසක එදින රැය පහන් කර ඇති බවත් වාර්තා වෙයි.
පසු දා පෙරවරුවේ සැමියා නිවෙසට ආ අවස්ථාවේ දී යළි එළවා දමා ගුරුවරිය තම දියණිය සැමියාගේ මව්පියන්ට රැක බලා ගන්න දී යළි රැකියාවට ගොස් ඇති බව ද වාර්තා වෙයි.
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගුරු බ්රියගේ පඩියෙන් පාටි දමා සැමියාට උන්හිටි තැනත් නැතිවෙලා
sampath Wednesday, 30 September 2020 12:20 PM
වර්තමානයේ බිරිඳ රැකියාවක් කිරීමත්, සැමියා නිවසේ සිටීමත් දැකිය හැකි එම තත්වය රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඉතා හානිදායකයි.