(තිහගොඩ උපසේන ලියනගම)
අගනුවර සන්නිවේදනයට සම්බන්ධ ආයතනයක සේවක හිත මිතුරු පිරිසක් පසුගියදා සිංහ රාජ වනාන්තරය බැලීමට ගියේ දෙනියාය ප්‍රදේශයේ හිතවතකු සමඟය.
එහිදී ඉතා අලංකාර ජලාශයක නාමින් සිටි තරුණ පිරිසක් සමඟ හිතවත් වූ ඔවුන් නෑම සඳහා ජලාශයට බැස්සත් තරුණයින් කීවේ තරමක් එහා ගැඹුරු නිසා එහි නොයන ලෙසටය. එහෙත් තම පිහිනීමේ දක්‍ෂතාව ගැන කියූ එක් මිතුරකු තහනම් ප්‍රදේශයට ගිය අතර ඔහු දියේ ගිලෙන අකාරයක් පෙනුණි. වහා ක්‍රියාත්මක වූ තරුණයකු එදෙසට පිහිනා ගොස් ඔහුගේ කෙස් වැටියෙන් අල්ලා ඇද්දේය. ඔහු මවිතයට පත් කරමින් කොණ්ඩය ගැලවී අතට ආවේය. තරුණයා යළිත් අතින් අල්ලා ඔහු ගොඩට ගෙනා අතර හිස අතගා බැලූ යහළුවාට කොණ්ඩය නැති බව පෙනිණි. ලජ්ජාවට පත් ඔහුට යකා නැග්ගේය. තමා බේරාගත් තරුණයා සමග ඔහු අරගලයකට ගියත් සෙසු යහළුවන්ගේ දෝෂාරෝපණය මැද ඔහු නිහඬ විය. මේ යහළුවා කෘත්‍රිම කෙස් කළඹක් පැළඳ සිටි බව මේ වනතුරුම සෙසු යහළුවෝත් දැන සිටියේ නැතිලු.
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගිලෙන්න ගිය තරුණයා බේරාගන්න ගියාම හොරයක් අහුවෙලා