IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගෑනියි-මිනිහයි දෙන්නා හිලව්වට හොර මඟුලෙ ගිහින්

අනියම් ඇසුරක් පවත්වන විවාහක සැමියාට තම බිරිඳගෙන් එය නතර කරන ලෙසට අපූරු අවවාදයක් දීමේ පුවතක් පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි.


 සිද්ධිය මෙසේය.


 විවාහක යුවළට දාව දරුවන් දෙදෙනකු සිටින අතර විවාහ වූ ඔවුන්ට ද දරු මල්ලෝ සිටිති.


 මේ දෙදෙනා පමණක් නිවසේ එකට වාසය කරන අතර සැමියා විවාහක  වෙනත් කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වන  බව  බිරිඳට මෙන්ම පවුලේ අයට ද රහසක් නොවීය.


 මෙය නවත්වන ලෙසට බිරිඳ හා තම දරුවන් කොතෙක් ආයාචනා කළත් ඔහු එයට අවනත වන බවක් දක්නට නොවීය.


මේ නිසා තම  බිරිඳ දරුවන් හා පවුලේ වැඩිහිටියන් කැඳවා සැමියා කරන මේ අකටයුත්ත ප්‍රසිද්ධියේ විභාග කරන්නට ගත්තේ එහිදී හෝ ඔහු එය නතර කරාවි, යන සිතුවිල්ල පෙරදැරි කරගෙනය. සිද්ධිය විභාග වන අතරවාරයේ සැමියා කට හඬ අවදි කළේය. 


මම අද මෙහෙම අනියම් ඇසුරක් පවත්වන්නේ මගේ දරුවන් විවාහක නිසයි. දරුවන් කුඩා කාලයේදීම මගේ බිරිඳ පවුලේම කෙනකු සමග අනියම් ඇසුරක් පැවැත්වීම වරදක් නොවේදැයි ඔහු ප්‍රශ්න කළේය.


 එම පැනයට තම බිරිඳ පිළිතුරු දුන්නේ මෙලෙසිනි.


“මම ඒ කාලේ අනියම් ඇසුරක් පවත්වද්දි තමුසෙත් අල්ලපු ගමක කාන්තාවක එක්ක සම්බන්ධතාවක් පැවැත්තුවා නේද? ඉතිං මං කරපු වරදට ඒ වරද කැපුණා. එතැනින් ඒවා ඉවරයිනේ.


‘ඒනිසා මං දැන් වරදේ බැඳෙන්නේ නැහැනේ. ඒ හින්දා ඔයත් දැන් ඒ වැරදි කරන්න එපා. ඔයාගේ වැරැද්දට මාගේ වැරැද්ද හිලව්. එසේ නොකරන බවට තම දරු මුණුපුරන් හා පවුලේ අය ඉදිරියේ පොරොන්දු වන්න කියා ඇය සැමියාගෙන් ඉල්ලීමක් කළාය.


 මව්පියන්ගෙන් අපිට අසන්නට ලැබෙන දේවල් කියා දරුවන් එහිදී පවසා නික්ම යන අවස්ථාවේ දී තම පියා ද සිනා සී ඒ දෙස බලා නිහඩව සිටියා හැරෙන්නට තම අම්මාගේ ආයාචනයට කිසිදු පිළිතුරක් නම් දී නැතිලු. 
(මොරගොල්ලාගම සිසිර කැලේගම)

 



අදහස් (5)

ගෑනියි-මිනිහයි දෙන්නා හිලව්වට හොර මඟුලෙ ගිහින්

kriss Saturday, 26 October 2019 09:14 AM

දරුවන් ඉදිරියේ මරු ආදර්ශයක්නේ දෙන්නේ... නාකි සමයං... !

:       1       75

lalithm Monday, 28 October 2019 03:09 AM

සමයන් කීවට බොහෝ අයගේ ඇතුළාන්තය මේක තමයි. බුදු සරණයි කියා යටි හිතින් හෙන ගහපන් කියලයි කියන්නේ. ඕවා හොඳට බලන්න නම් උදේ, සවස කාර්යාල කෝච්චියේ ටික දවසක් ගිහින් විමසිල්ලෙන් බලාඉන්න. වැඩිපුර ඉන්නේ හොර උපාසකයින් උපාසිකාවන්...

:       0       16

sampath Monday, 28 October 2019 08:23 AM

නාකි කියල ඒ අය පැත්තකට කරලා තියන්න බැහැ මේකේ ලොකු වරදක් මම නම් දකින්නේ නැහැ බිරිදගෙන් යුතුකම් ඉෂ්ඨ නොවෙනකොට එය ලැබෙන තැනට යාම සමන්‍ය ස්භාවයක් අපි වගේ තුන් වන ලෝකේ රටකට ඕක මහා අවුලක් වුණාට මේවා සාමාන්‍ය දේවල්

:       22       5

PrasannaMonday, 28 October 2019 03:48 PM

සම්පත්, මම ඉන්නේ ඇමෙරිකාවේ... මෙහෙට වඩා අනියම් විවාහයන් ලංකාවේ ගොඩක් වැඩියි. මමත් මෙහෙ එන්න කලින් ඔයා වගේ හිතුවා. තරහ වෙන්න එපා නමුත් ඇත්ත එයයි.

:       0       10

තුශා Monday, 28 October 2019 01:50 PM

සම්පත්, අප ජීවත්වන සමාජයේ අපටම අනන්‍ය වූ සංස්කෘතියක් තිබෙන පසුබිමකයි අප ජීවත් වෙන්නෙ. තම තමාගේ අතිශය පෞද්ගලික දේවල් දරුවන් ඉදිරිපිටදී කියවමින් රණ්ඩු දබර වෙන විට, දරුවන්ට මෙවන් දෙමාපියන් දෙන ආදර්ශය කුමක්ද? බටහිර රටවල මෙවැනි දේවල් සාමාන්‍ය දේවල් උනාට, අපිත් ඒවා අනුකරණය කල යුතුද? තමන් අනෙකාගෙන් තෘප්තිමත් නැත්නම්, අනෙකුත් අයට අවමානයක් නොවී සුදුසු පිළිවෙළක් තෝරා බේරා ගැනීමට වැඩිහිටියන්ට පුළුවන්කම තිබිය යුතුය.

:       2       20

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 446 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 757 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 620 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1132 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 877 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 756 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site