IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ගෑනි පැනලා ගියාම මිනිහට බඩු මුට්ටුත් එපාවෙලා

කොළඹට නුදුරු නගරබද පෙදෙසක මැදිවියේ පසුවන යුවළකි. දරුවන් විවාහ කර දීමෙන් පසු වෙනමම නිවෙසක කල් ගෙවු දෙන්නා දෙමහල්ලන් අතර අඬ දබර බොහෝ විය.


 කම්මැලි ගතියෙන් යුත් සැමියාට දාසියක මෙන් බිරිඳ  ආවතේව කළද කොතැනින් හෝ ආරෝවක් අල්ලා ගැනීම ඔහු පුරුද්දක්  කොට ගත්තේය. ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැන බිරිඳ සිය සැමියා අතැර යන්නට ගියේ ආගිය අතක් සොයාගත නොහැකිවන  ලෙසය. 


බිරිඳ සොයා ගැනීමට දස අතේ දුවමින් සාස්තර පවා බැලූ සැමියා සිය ඥාති පුත්‍රයෙකු සිය නිවෙසට කැඳවා ගත්තේ නිවෙස තුළ තනිවම විසීම සිත් වේදනාවක් වූ නිසාය.


ඥාති පුත්‍රයා මත්කුඩට ඇබ්බැහි වූ  තරුණයකු වූ අතර කුඩු පැකට්ටුවට මුදල් ලබාදීමද මාමා නොපිරිහෙලා ඉටු කළේය.  බිරිඳ ගිය දුකට ඔහු හවසට සූර්වීමටද හුරු වූ අතර දිනක් සුර් වූ අවස්ථාවක ඥාති පුත්‍රයා අමතා සිය බිරිඳ ගිය පසු නිවෙසේ ඇති කිසිදු බඩුවක් දැන් තමාට වැඩක් නැතැයි අඬමින් පැවසීය.


බැලු  බැලු අත බිරිඳගේ මතකය ඇති බවත් පවසමින් පෙරදින රැයේ  සුර්පිට නිදාගත් සැමියා පසුදින අවදි  වූයේ මදක් පමා විය. තලගොයා පොළොවේ ගැහුවාක් මෙන් නිදා සිටි ඔහු හුන් තැනම හිඳ වටපිට බැලු අතර  තමා සිටින්නේ  කොහේදැයි ඔහුට සිතාගත නොහැකි විය.


 දනිපනිගා නැගිටගත් ඔහුට තමා සිටින්නේ තමාගේම නිවසතුළ බව සිතා ගන්නට වැඩි වෙලාවක් ගත නොවීය. ගෙයි වටිනාබඩු මුට්ටු කිසිවක් දක්නට නොවු අතර ඥාති පුත්‍රයාද දක්නට නොවීය.


 තරහෙන් වෙව්ලන්නට වූ ඔහු පොලිසියට කරනු ලැබු පැමිණිල්ලකට අනුව ඥාති පුත්‍රයා පොලිසියට බාර වූයේය.


 අධිකරණය හමුවට කැඳවූ තරුණයාගෙන් අදාළ  බඩු බාහිරාදිය සොරා ගත්තේද යන්න  නීතිඥවරු විමසා සිටියහ.


“ස්වාමිනි මේ පැමිණිලි පාර්ශ්වය මගේ මාමා, නැන්දා ගෙදරින් ගිය නිසා ඔහු පසු වුයේ දුකෙන් ඒ නිසාම නැන්දා නැති ගෙදර බඩු මුට්ටු කිසිවක් ඔහුට වැඩක් නැති බව ඔහු අඬමින් මට කීවා. බඩු මුට්ටු දකින විට මාමාට නැන්දව මතක් වෙනවා. වැළපෙමින් කී නිසා මම ලොරියක් ගෙනැල්ලා උදෑසනම බඩු ටික ගෙනිහින් විකුණනවා යැයි පැවසීය.


බඩු ගෙනයන බව සුර් පිට දවල්වන තුරු නිදාගත්  මාමා නොදුටු බවත් තමා බඩු රැගෙන ගියේ මහා රෑ දොර ජනෙල් කඩා හොරෙන් නොවන බවත් සඳහන් කළ ඔහු තමා බඩු අදිනවා වටපිට අයද දුටු බව පැවසීය.


 තමා එසේ නිවසේ බඩු වැඩක් නැති බව ඥාති පුත්‍රයාට  පැවසුවේද යන්න අධිකරණය සැමියාගෙන් විමසා සිටි අතර එවිට ඔහු කියා සිටියේ එය නිකමට වාගේ කී කතාවක් බවයි. 
(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා)

 



අදහස් (0)

ගෑනි පැනලා ගියාම මිනිහට බඩු මුට්ටුත් එපාවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 749 0

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 584 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 508 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 316 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා
2024 අප්‍රේල් මස 20 331 0

කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ


ගැමියාගේ සත්කාරයෙන් රාලහාමිට එලොව පොල් පෙනිලා
2024 අප්‍රේල් මස 20 471 0

අමුතු ආගන්තුක සත්කාරයක් කළ ගැමියකු ගැන පරගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. ඔහු අධ්‍යාපනය නොලද, තරමක මෝඩ පහේ ගැමියෙකි. විවාහක ඔහු රජයේ අනවසර ඉඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site