IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගැනුම්කාරයාට දැමූ කොන්දේසියෙන් බංකොළොත් ව්‍යාපාරිකයාට තරු පෙනිලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර  මල්ලවආරච්චි)
නිවස මිලදී ගන්නා අයට අසල්වාසීන් ඇසුරු නොකරන ලෙසට නිවෙස් හිමියා කළ දැනුම් දීමක් නිසා ගැනුම්කරු නිවස මිලදී ගැනීම අතහැර දැමීමෙන් පසු නිවස විකුණා ගැනීමට නොහැකිව ළතැවෙන ව්‍යාපාරිකයකු පිළිබඳව බටහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය.


මිල මුදල් යහමින් තිබූ නූතන යුගයේ මට්ටකුණ්ඩලී කෙනෙකි. නිවාස දෙක තුනක් ද ඔහු සතුව තිබිණි. ඔහු කිසිදා කිසිවෙකුට මිල මුදලින් තබා වචනයකින්වත් උදව්වක් කළ අයකු ද නොවීය. කාලය ගත වෙද්දී ව්‍යාපාර බංකොළොත් වූයේය. පදිංචි නිවස ණයකට සින්න වීමට ආසන්නය. ව්‍යාපාරය ටිකෙන් ටික ඇද වැටෙද්දී ඇතිවූ ගැටලු විසඳා ගැනීම සඳහා එක් නිවසක් විකිණීමට ඔහු පියවර ගනු ලැබීය.


 ගැනුම්කරුවෙකු ආයේය. මිල ගණන් කතා කෙරිණි. ඔප්පු ලිවීමට දිනයක් ද තීරණය විය. ඒ අනුව නියමිත දිනයේ දෙපක්ෂය නොතාරිස්වරයකු හමුවූයේ කලින් කතා කරගත් පරිදිය.


මහත්තයා මගේ ගේ ගත්තට කමක් නැහැ. අහල පහළ අසමජ්ජාති එවුන් එහෙම ආශ්‍රයට ගන්න එපා. මගෙ ගෙයි ඔවුන් පස් පාගනවාට මම නම් කැමැති නැහැ. අපි දෙගෙල්ලො විතරක් ආශ්‍රය කරගෙන ඉඳිමු. ව්‍යාපාරිකයා ගැනුම්කරුට වාචික කොන්දේසියක් දැමීය.


කවදත් සමාජමය ඇසුරකට යොමුවී සිටි ගැනුම්කරු මේ කතාවෙන් වික්ෂිප්ත වූයේය. බිරිය සමග ඒ ගැන රහසින් කතා බහ කළේය. අනතුරුව ව්‍යාපාරිකයා ඇමතීය. මගේ සල්ලී දීලා ගේ ගන්නේ මට අවශ්‍ය විදියට තියාගන්න මිසක් මහත්තයට ඕන දේවල් කරන්න නොවෙයි. ඒ නිසා ඒකට ගැළපෙන කෙනෙක් හොයා ගෙන බිස්නස් එක කරගන්න. මම වෙන ගෙයක් හොයා ගන්නම් කියා පිටව යද්දී ව්‍යාපාරිකයා පිංසෙණ්ඩු වන්නට ගත්තත් කිසිවක් නොඇසුණු අන්දමින් ගැනුම්කරු ආපසු ගියේය.



අදහස් (1)

ගැනුම්කාරයාට දැමූ කොන්දේසියෙන් බංකොළොත් ව්‍යාපාරිකයාට තරු පෙනිලා

himal Friday, 26 October 2018 05:41 AM

මට්ටකුණ්ඩලී කියන්නේ අසරණ වූ තරුණයෙක්. ඔහුගේ පියා වූ අදින්න පුබ්බකගේ මසුරුකම නිසා තමයි මට්ට කුණ්ඩලී විපතට පත් වුනේ. මෙතන යොදා ගෙන තිබෙන උපමාවම වැරදියි. ඒ වගේම මේ නිවස ගන්න නැත්තේ ඇසුරු කරන්න හොඳ නෑ කියන අසල්වැසියෝ ඉන්නවා කියන සැකය මත.

:       0       232

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 297 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 107 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 985 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 796 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 667 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 405 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1661 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site