(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කිසිදු හොල්මනක් මාගෙන් මෙතෙක් පදිංචි සහතිකයක් ගෙන නැති නිසා තම වසමේ හොල්මන් නැති බවට ග්‍රාම නිලධාරියකු කළ ප්‍රකාශයකින් පසු නිවසක හොල්මන් ඇති බවට පැවැති මතයක් දුරු කරන්නට හැකිවූ පුවතක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය.
ඉපැරණි නිවසකි. මෙහි පදිංචිකරුවෝ යල්පැන ගිය අදහස් ඇත්තෝය. වයෝවෘද්ධ මව බලා ගන්නට අසල නිවසක කාන්තාවක් නිතර එන්නේ නිවැසියන්ගෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන සැලකිල්ලට ගනිමිනි. රාත්‍රී කාලයට මේ නිවසේ හොල්මන් ඇති බවට මේ කාන්තාව ප්‍රචාරය කළේ වෙනත් කිසිවකු මෙහි ආවොත් තමන්ට ලැබෙන වාසි අඩු වනු ඇතැයි සිතාගෙනය.
කිසියම් හේතුවකට මෙම කාන්තාවට දින කිහිපයකට ගමෙන් පිටව යාමට සිදුවිය. මේ කාලයේ වෙනත් අසල්වැසියකු තම සහායට ගෙන්වා ගැනීමට නිවැසියන් කටයුතු කළත් කිසිවෙකු ඉදිරිපත් නොවූයේ හොල්මන් ගැන පැවැති ප්‍රචාරය නිසාය. අනේ අපිට එන්න නම් බැහැ. හොල්මන් තියෙනවාලු. අර අක්කත් කිව්වේ යැයි ඔවුහු පැවැසූහ.
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තැනට මේ ආරංචිය ගියේ මේ අතරය. හෙතෙම පෙරකී නිවසේ අසල්වාසීන් හමුවිය. කරුණු කාරණා පැහැදිලිකර දුන්නේය. හොල්මන් කතාව බොරුවක් බවත් පෙර කී කාන්තාව එසේ කර ඇත්තේ වෙනත් අය පැමිණීම වැළැක්වීමට බවත් තේරුම් කර දුන්නත් අසල්වාසීහු ඒ බව පිළිගැනීමට පසුබට වූහ.
ග්‍රාම නිලධාරියා ද පරාදවීමට කැමැති නැත. ඡන්ද නාම ලේඛනය අතට ගත්තේය. මේ බලන්න මේ වනතෙක් මේ ගමේ ඔයගොල්ලෝ ඇරෙන්න වෙන කිසිවෙක් පදිංචි සහතික මගෙන් නම් ඉල්ලලා නැහැ. මොන හොල්මනක් හිටියත් මට කියන්න ඕනෑ යැයි තරයේ ප්‍රකාශ කළ ග්‍රාම නිලධාරියා අසල්වාසීන් සමග එම නිවසේ රැයක් ගත කිරීමට ද ඉදිරිපත් විය.
ඒ අනුව පසුදා පහන් වන විට හොල්මන ගම අතහැර ගොස් ඇති බව කාටත් පසක්විය. ජනතාවගේ බිය දුරු විය. දින කිහිපයකට පසු ගමට ආ හොල්මන් කතාව වැපිරූ කත ග්‍රාම නිලධාරී හමුවිය.
රාලහාමි මගේ රස්සාවටත් වැඬේ දුන්නා නේද යනුවෙන් ඇය ඇසුවේ හැඬූ කඳුළින් යුතුවය.
බොරුවෙන් සැමදා දිනන්නට බැරි බවත් කපටිකම අතහැර ජීවිතය ජය ගන්නා ලෙසත් කියා දුන් රාලහාමි කාන්තාවට රැකියාවක් සොයා දීමට ද පොරොන්දු විය.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ග්‍රාම නිලධාරි ආවාට පස්සේ හොල්මන ගේ අතඇරලා