IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කෙල්ලන්ට වැඩ පෙන්නන්න ගිය කොල්ලා පෙළවහටත් ඇහැගහලා

උසස් පෙළ අමතර පන්තියකට සහභාගිවීමට ගිය සිසුවියක් කහ ඉර මාරුවෙද්දී සිදුවූ අනතුරක් හේතුවෙන් ඇයට මංගල සීනු හැඬ වෙන්නට ගිය පුවතක් උතුරු මැද පළාතේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තා වෙයි.


මෙවර උසස්  පෙළ විභාගයට සුදානම් වන සිසුවියක්   තම මිතුරියන් පිරිසක් ද සමගින් අමතර පන්තියකට සහභාගිවීම සඳහා නගරයේ කහ ඉරක් මතින් පාර මාරුවෙද්දී යතුරු පැදියක පැමිණි තරුණයෙක් ඈත තියාම සිසුවියන් දුටුවේය. ඔහු‘වැඩ’ පෙන්නන්න සිතා වේගයෙන් කහ ඉර අසලටම පැමිණ යතුරුපැදියේ තිරිංග තද කළත් නිසායාකරව එය ක්‍රියාත්මක නොවීම නිසා යතුරුපැදිය කැරකී සිසුවියකගේ ඇඟේ හැපීමෙන් ඇය බිම  ඇද වැටී කකුලකට සුළු තුවාල සිදුවිය. 


අවට සිටි වැඩිහිටියන්ගේ මැදිහත්වීමෙන්  අසල වූ වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් සිසුවියට ප්‍රතිකාර ලබාදීමට තරුණයාට සිදු වුවත්  වෛද්‍යවරයා ඉදිරියේ දෙදෙනාම තම අනන්‍යතාව ප්‍රකාශ කිරීම නිසා තරුණයාට සිසුවියගේ තොරතුරු දැනගැනීමට හැකිවිය.


නිවසට ගිය තරුණයා  තම මවට හා පියාට සිද්ධිය පැවසීමෙන් පසු තම පුතුට ඉදිරියේදි යම් කරදරයක් ඇතිවේදෝ සිතා බියට පත් ඔවුහු සිසුවියගේ නිවසට ගොස් ඇයගේ මවුපියන් මුණගැසීමට තීරණය කළහ. අනතුර එතරම් බරපතළ නොවන බවත් ඒ පිළිබඳව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ඇයගේ පියා ඔවුන්ට දැන්වූවත් සිසුවිය පිළිබඳව ඉතා උනන්දුවෙන් කතාබහ කළ ඔවුන් තමන්ට ඉන්නේ එකම පුතු බවත් පවුලේද  ගැටලු නැති නිසා අවශ්‍යනම් සිසුවියගේ අධ්‍යාපන කටයුතුවලට උදව් කළ හැකි බවත් පවසා එහෙනම් අපි නැවතත් එන්නම් යැයි කියා නිවසින් එළියට බැස්සාහ.


“නෑ...නෑ...අපි ඒවා බලාගන්නම්. ආයෙ මෙහේ නාවාට කමක් නැතැයි සිසුවියගේ පියා පැවසීම නිසා ඒ බලාපොරොත්තුව ද මග හැරී ඔවුන්ට නිවසට පැමිණීමට සිදුව ඇතැයි වාර්තා වෙයි. 
(බුලත්සිංහල  විශේෂ ලක්මි කුඩලිගම)

 



අදහස් (0)

කෙල්ලන්ට වැඩ පෙන්නන්න ගිය කොල්ලා පෙළවහටත් ඇහැගහලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 328 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 698 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 564 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1115 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 866 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 742 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1542 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site