දකුණු පළාතේ උප නගරයක් ආශ්‍රිතව ඇති ග්‍රාමසේවා කාර්යාලයකි. උදේ පාන්දරම එහි දිව ආ මැදිවියේ පුද්ගලයකු ග්‍රාමසේවා කාර්යාලයට ගොඩ වූයේ පැමිණිල්ලක් කිරීමටය.
දැඩි නොසන්සුන්තාවකින් සිටි ඔහු තම නිවෙසෙහි වූ කාමරයක කුරුඳු තැලීමට පැමිණ එහි නතර වී සිටි තරුණයින් දෙදෙනකු තලන ලද කුරුඳු මිටි කීපයක් රැගෙන අතුරුදන්ව ඇති බව පැවසුවේ දැඩි නොසන්සුන් බවකිනි. “එතකොට තමුන් ගෙදර සිටියේ නැද්දැයි” ග්‍රාමසේවක විමසූ විට ඔහු කීවේ පෞද්ගලික ආයතනයක මුර සේවයේ යෙදී සිටින තමා එදින රාත්‍රි මුර රාජකාරියේ යෙදුන බවකි.
මේ පිළිබඳව තොරතුරු තම පොතේ සටහන් කරගත් ග්‍රාම සේවක ඒ වනවිට ගෙදර සිටියේ කවුදැයි විමසීය. “දුවයි, පවුලයි ගෙදර ඉඳලා තියෙනවා” ඔහු කීවේ දුකෙනි.
ඉතිං දුවගෙන් ඇහුවෙ නැද්ද? ග්‍රාමසේවක විමසීය.
“එයත් උන් එක්කම පැනල ගිහින්” යැයි ඔහු කීය. “හත්ඉලව්වයි... ඕක කලින් කියන්න එපායෑ. ඔය කුරුඳු ටිකට වැඩිය දුව වටින්නෙ නැද්ද?” ග්‍රාමසේවක විමසූ විට ඔහු කීවේ තමා විවාහවීමේදී බිරියත් සමඟම ආ ඇය තමාගේම දියණියක නොවන බවය.
“ඉතිං බිරිඳගෙන් ඇහුවෙ නැද්ද?” ග්‍රාමසේවක යළි විමසුවේ මද තරහවකිනි.
“එයත් උන් එක්කම ගිහිං” එවර ඔහු කීවේ ඉවත බලාගෙනය.
“යකෝ මේක හතර බීරි කතාවක්නේ” කී ග්‍රාමසේවක “ඇයි ඕවා කලින් නොකීවේ මේක මම පොතේ ලියාගන්නම්. පොලිසියට ගිහිං පැමිණිල්ලක් කරනවා” කීවේ පොත වසා දමමිනි.
“පොලිසි යන්න ලැජ්ජයි රාලහාමි” ඔහු කීය.
“එහෙනම් පාඩුවයි, ලැජ්ජාවයි දෙකම තියාගෙන ගෙදරට වෙලා ඉන්නවා” ග්‍රාමසේවක කීවේ කෝපයෙන්ලු.
(තිහගොඩ - උපසේන ලියනගම)
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කුරුඳු තලන්න ගෙදර නැවතුණු කොලේලො දෙන්නා මවයි දුවයි අරන් පැනලා