කූඩුවකින් පැන්න මයිනෙකු ගෙදර දොරකඩ තිබූ බඳුනක කෑම කන්න පුරුදුවී නිවැසියන්ගේ සුරතලකු වූ පසු කූඩුවකට දැමූ විට ඌ අසභ්‍ය වචන කීම නිසා නැවත කැලයකට මුදාහැරීමේ සිද්ධියක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
මේ නිවසේ දිනපතා සතුන්ට කෑම සඳහා බඳුනකට ආහාර දැමීම කර ඇත. ගිරවුන්, මයිනන්, ලේනුන් වැනි සතුන් පැමිණ එම ආහාර කෑමට පුරුදුව තිබේ.
ඒ අතරේ දිනක් තරමක් හොඳින් වැඩුණු මයිනෙකු පැමිණ ඇත. ඒ මයිනා අනෙක් සතුන් මෙන් ළඟට පැමිණිවිට ඉගිල නොයන නිසා ගෙහිමියා විමසිල්ලෙන් සිට තිබේ. කෑම අතේ තිබුණත් පැමිණ කන නිසා කවුරු හෝ හුරතලයට ඇතිකළ මයිනෙක් වෙන්න ඕනෑ යැයි සිතු ගෙහිමියා කුඩුවක් ගෙනවිත් ඌ අල්ලා කුඩුවකට දමා තිබේ.
දිනක් දෙකක් කුඩුවේ සිටි මයිනා හිටි ගමන් අසභ්‍ය වචනයක් කියන අයුරු ඇසී තිබේ. මෙය ඇසූ නිවැසියන් පුදුමයට පත්ව කොතනක හෝ නරක මිනිසුන් ඉන්න තැනක මේ සතා හැදිලා තිබෙනවා. සතෙක් උනත් නරක සමාජයක හැදුනොත් ප්‍රතිඵලය ඕක තමා. මේ වගේ සත්තු තියා ගත්තොත් අපේ ළමයින් නරක් වෙනවා. පුරුද්ද අතාරින්නෙත් නෑ. ඒ හින්දා ඔන්න ඔය මයිනා කැලේට ගිහින් දාන්න යැයි ගෙහිමියාගේ බිරිඳ කියන්නට වීම නිසා අවසානයේ මයිනා කැලේට ගිහින් දැමූ බව පැවසේ.
(වැල්ලම්පිටිය ශාන්ත සෙනවිරත්න)
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුණුහරුප කිව්වොත් කැලෑ දඬුවම