(මාවරල – පී.එස්. මද්දුමගේ)
ඈත ගම්මානයකි. අර්ධ නාගරීකරණයට පත්වෙමින් තිබෙන සුන්දර ගම්මානයකි. තේ ආර්ථිකය සමග ජීවිත ගෙන යන මෙම ගම්මානයේ වැසියෝ සිරිත් විරිත් අකුරට ඉටු කරන, චාරිත්‍ර වාරිත්‍ර නිසි ලෙස පවත්වාගෙන යන පිරිසක් වූහ.
නව වසර සමරමින් කැවුම් කිරිබත් සකස් කිරීම නොකඩවා සිදු කරන ගම්වැසි නිවෙස්වල, මෙම වසරේ උදාව සැමරීමට කිරිබතක් සකසා ගැනීමට අවශ්‍ය පොල් කිරි ලබා ගැනීමට පොල් හිඟ වීම සහ මිල අධික වීම කාටත් ප්‍රශ්නයක් වී තිබිණ.
මවක දියණියක සහ වැඩි හිටි ඥාතියකු ජීවත් වන නිවසක් මේ ගමේ පැවැති අතර, එම නිවසට අහල පහළ නිවෙස් හිමියන් අලුත් අවුරුද්දට හිතවත්කම් අලුත් කර ගැනීමට යන එන අවස්ථා ද තිබිණ.
එදා ජනවාරි පළමු වැනි දිනය වූ නිසා එම නිවසේ උදේ ආහාරයට කිරිබත් සකස් කිරීමට දියණියට සිදු විය. ඇය සහල් සකස් කර ඉතා හොඳින් කිරිබත පිසීමට පොල් සෙවූවද නිවසේ පොල් බෑයක්වත් සොයා ගැනීමට නොහැකි විය. පොල් සොයා ගැනීම අසීරු කරුණක් බව දැනගෙන සිටි දියණිය, පොල් කිරි වෙනුවට යෙදිය හැකි කිරි දියරයක් ගැන කල්පනා කළාය.
“අම්මේ කිරිබත් හදන්න පොල් නෑ...” දියණිය මවට කීවාය.
“පොල් නැතුවට මොකද කරන්නෙ? ඉස්සර අපේ ආච්චිල පොල් වෙනුවට කැකුණ ඇට මද අඹරල කෑවලු. අද කැකුණ ගස් නෑ. ඇටත් නෑ...”
ඉන්පසුව ඇයට අදහසක් පහළ විය. ඇය කිරිබතට පෝෂ්‍යදායී කිරි දියරක් එක්කර කිරිබත සැකසුවාය. උදේ ආහාරය ගැනීමට පැමිණි මවත් ඥාතියාත්, දුව සකස් කර ඇති කිරිබත කෙසේ සෑදුවේදැයි විමසුව ද පිළිතුරක් නොදුන්නාය. තිදෙනාම කිරිබත් කා සුපුරුදු ලෙස නිවසේ තම තමන්ගේ කටයුතුවල නිරත වූහ.
දහවල් කාලයේ අසල නිවසක වැඩිහිටියෙකු තෑගි ද රැගෙන එම නිවසට පැමිණියේ සෑම නව වසරකම මෙම නිවසට පැමිණීම සිරිතක් කරගෙන තිබූ බැවිනි.
අසල්වැසියාට සංග්‍රහ කිරීම සඳහා සූදානම් වූ නිවසේ මව, බිස්කට් කෙසෙල් ගෙඩි ආදිය ගෙනවිත් තබා, බීමට කහට ද? කිරිකහට දැයි අසල් වැසියාගෙන් විමසීය.
“කිරි කහට එකක් හොඳයි’’ ඔහු කීය.
මව කුස්සියට ගොස් තේ සෑදීමට සූදානම්ව කිරිපිටි ටින් එක කොහේදැයි සොයා බැලුවාය. ඇයට එය සොයා ගැනීමට නොහැකි වූයෙන් දුවට කතා කර ඒ ගැන විමසුවාය.
“කිරිපිටි ඉවරයි. මම උදේ කිරිබත හදන්න ටින් එකේ තිබුණ කිරිපිටි ටික ඔක්කොම ගත්ත. අන්න ටින් එක හෝදල එළියෙ වළං මැස්ස උඩ’’ යයි කීවාය
මවට යකා වැහුණි. ‘‘කොහොමද යෝදියේ මම අර මනුස්සයට කිරි කහට එකක් දෙන්නෙ. වස ලැජ්ජාවක්නේ, අලුත් අවුරුද්දේ ගෙදරට ආපු මනුස්සයට කිරි කහට එකක් දෙන්න බැරි වුණාම... මව තරහින් පුපුරමින් තේ එකක් හදාගෙන අසල්වැසියාට දීමට ගෙන ගියාය.
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කිරිබතේ රහස යාළුවාගෙන් හෙළිවෙලා