IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කාට කාටත් අන්දකයිප්පු කැවූ ‘ගිනි කුකුළු සෙල්ලම’

(මොරගාල්ලාගම සිසිර කැලේගම)
වෙළෙඳ ආයතනයක සේවකයන් නොමග යවා තමා සමග පැමිණි මිතුරා ද අතරමං කොට ඔහු සතු රුපියල් දස දහසක මුදලක් ද රැගෙන පලා ගිය හීන්නූල් සූත්තරකාරයකු පිළිබඳව පුවතක් කුරුණෑගල අවට ප්‍රදේශයකින් වාර්තා වේ.


සිද්ධිය අනාවරණය වන ආකාරයට මෙසේය. සතියේ දිනක පස්වරු තුනට පමණ කාර්යාල වේලාව තුළදී පිටස්තර දෙදෙනෙක් වෙළෙඳ ආයතනය වෙත පැමිණියහ. එක් අයෙක් ගේට්ටුව අසල නැවතුණේය. අනෙකා කාර්යාලය ඇතුළට ගියේය.


ටික වේලාවකට පසුව ඔහු සේවකයින් කැටුව ආයතනයේ පිටුපස ගොඩ ගසා තිබූ පරණ ටයර් ගොඩක් දෙසට ගියේය.


ටයර් ගොඩ සේවකයන් පරික්ෂා කරන අතරවාරයේ සූත්තරකාරයා දිව ගොස් ගේට්ටුව අසල  සිටි මිතුරාට යමක් පවසයි. ඒ අතරේ මිතුරා ආයතනයෙන් පිටතට යයි.


ටික වේලාවකට පසුව පිටතට ගිය මිතුරා කොහු ලණු ගොඩක් රැගෙන ආයතනයට එයි. ඒ අතරේ ඔහු එහි කැඳවාගෙන ආ සූත්තරකාරයා අතුරුදහන් වෙලාය.


සිද්ධිය ගැන මිතුරා කරුණු විස්තර කළේ මෙලෙසය.


පරණ ටයර් සොයා ගලේවෙලට  යන ගමනේදි මැල්සිරිපුර ප්‍රදේශයේදි මෙම තැනැත්තා පළමුවරට හමු වූ බවත්, ඔහුට අඩු මුදලට මෙතැනින් ටයර් ලාබෙට ගෙන දිය හැකි බව පැවසූ නිසා ඒවා ගැනීමට දෙදෙනා මෙහි පැමිණි බවත් කීවේය. 


පරණ ටයර් ගොඩ කට්ටිය එක්ව පරික්ෂා කරන විට වැඬේ හරි යන බවට  ගේට්ටුව අසල බලා සිටි  තමා විශ්වාස කළ බව ඔහු කීවේය.


ඒ අනුව වැඬේ හරි  කියා ඔහු ගේට්ටුව ළඟට ඇවිත් මා සතුව තිබූ රුපියල් දස දහසක් ඉල්ලා ගත්තා. ටයර් ගැට ගසන්න ලණු ඕනෑ කී නිසා ලණු ගෙනෙන්න අසල කඩයකට ගොස් එන අතරේ ඔහු එම මුදලත් අරන් පළා ගිහිල්ලා. 


මහමඟ ගමන් ගත් බසයක් නවතා සූත්තරකරු නැගී ගිය බවද සේවකයෝ කීහ.


ආයතනයට ඇතුළු වූ සූත්තරකාරයා  සේවකයින්ට පවසා ඇත්තේ තමා ගෙනා ගිනි කුකුළකු ආයතනයේ ගේට්ටුව ඉදිරිපිටදී අතින් ගිලිහී පරණ ටයර් ගොඩ දෙසට පියාඹා ගිය බවත්, ඒ අනුව ටයර් ගොඩ පරික්ෂාවට ගියේ ගිනි කුකුළා සෙවීමට මිස ටයර්  විකිණීමේ ජාවාරමකට නොවන බවත් සේවකයෝ කීහ.


සේවකයන් නොමඟ යවා පැමිණි මිතුරාද රවටා සූත්තරකාරයා ප්‍රසිද්ධියේ පළා ගොස් ඇතැයි සේවකයන් පවසද්දී අතරමං වූ මිතුරාද ඔහුගේ උප්පර වැට්ටියට අසුවුනා යැයි කියමින් නික්ම ගියේය.



අදහස් (0)

කාට කාටත් අන්දකයිප්පු කැවූ ‘ගිනි කුකුළු සෙල්ලම’

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 449 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 751 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1011 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 987 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1265 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1608 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site