(අඟුණකොළපෑලැස්ස විමල් ගරුසිංහ)
පොලිසිය ඉකුත් 13දා රාත්‍රි කසිප්පු තිප්පොළක් වටලමින් සිටියදී කසිප්පු බෝතලයක් ඉනේ සඟවාගත් අයකු පොලිසියෙන් බේරීමට දිවගොස් මෙහෙයුමේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ යතුරුපැදියට නැගගත් සිද්ධියකි මේ.
කාලයක සිට ගොන්නොරුව වැලිපොකුණගම එක්තරා පුද්ගලයකු කසිප්පු ජාවාරමක් කරගෙන යන බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
මේ පිළිබඳව අවධානය යොමු කළ මාතර හම්බන්තොට දෙදිසාවේ නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා දිසා විෂ මත්ද්‍රව්‍ය තංගල්ල ඒකකයට අදාළ කසිප්පු තිප්පල වටලන ලෙස උපදෙස් දී ඇත.
ඒ අනුව පොලිස් නිලධාරීහු කණ්ඩායමක් ඉකුත් 13දා ඇඳිරි වැටෙන විට කසිප්පු තිප්පොළ වැටලූහ.
පොලිස් නිලධාරීන් කීපදෙනකු කසිප්පු තිප්පොළට අඩ අඳුරේ ළඟා වෙද්දී පොලිස් කොස්තාපල් (40458) දිසානායක මහතා තවත් පැත්තකින් යතුරුපැදියකින් යද්දී අඳුරේ දුවගෙන ආ අයකු යතුරුපැදිය නවතා “අනේ මහත්තයෝ මමත් දාගෙන යන්නැයි” යතුරුපැදිකරුගෙන් ඉල්ලා ඇත. යතුරුපැදිකරු ඔහුට නගින්නැයි කීය.
“වෙලාවෙ හැටියට මහත්තයා දෙවියෙක් වගේ මට පිහිට වුණේ. මම ගෙදරකට ගියා කසිප්පු බෝතලයක් ගන්න. පොලිසිය පැන්නා. මම හනික බෝතලයක් අරගෙන දුවනකොට තමයි මහත්තයා හම්බවුණේ” යතුරුපැදියේ පිටුපස වාඩිවුණු ආගන්තුකයා කීය.
“හරි.... හරි... කමක් නෑ. බයවෙන්න එපා යමු” කියා කොස්තාපල් දිසානායක මහතා සෙසු පොලිස් නිලධාරීන් සිටි තැනට ගොස් යතුරුපැදිය නතර කළේය.
ආගන්තුකයාට දෙවියන් සිහි වුණේ එවිටය. මිලිලීටර් 25,000ක් සමග කසිප්පු ජාවාරම්කරු අත්අඩංගුවට ගත් පොලිසිය, ආගන්තුකයා ද අත්අඩංගුවට ගෙන පොලිස් රථයට නංවාගෙනැවිත් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට හම්බන්තොට පොලිසියට භාර දෙන ලදී.
දිසා විෂ මත්ද්‍රව්‍ය තංගල්ල ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඊ.එල්.ඒ. උපසේන, සැරයන් ජගත් (32045), කොස්තාපල්වරුන් වන දිසානායක (40458), ශ්‍රීමාල් (60755), හේරත් (60624) යන මහත්වරුන් මෙම වැටලීම සිදු කර ඇත.
විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට
අලුත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලුණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කසිප්පු බෝතලයකුත් ඉනේ ගහගෙන පොලිස් ‘බයික් එකට’ නැගලා