IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කසාද බඳින්න ඇවිත් පොට වැරදිලා සාක්කියට ආ දෙන්නාත් පැනගිහිල්ලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
විවාහ ලේකම්වරියකගේ විමසිලිමත්භාවය නිසා  කඩිමුඩියේ  විවාහයක් සිදුකර ගැනීමට රාත්‍රියේ ආ  යුවළකගේ තතු හෙළි කරගන්නා අවස්ථාවේ දී ඊට අත්සන් කිරීමට පැමිණි සාක්ෂිකරුවන්  යුවළ අතහැර දමා  පලා යෑමේ පුවතක් වයඹ පළාතෙන් වාර්තා විය.
සිද්ධිය අනාවරණය වෙන ආකාරයට මෙලෙසය.


විවාහ ලේකම් නිවසට ඉකුත් රාත්‍රියක විවාහයක් සිදුකර ගැනීමට පැමිණ ඇත්තේ පිටස්තර ප්‍රදේශයක සිට ඊට අදාළ පාර්ශවයන්හි සාක්ෂිකරුවන්ද කැටුවය.


පැමිණි කාන්තාව අතේ අවුරුදු තුනක් වයසැති දැරියකි. විවාහ ලේකම්වරිය දරුවා කාගේදැයි විමසන අවස්ථාවේදී ඇය තමාගේ බවත්, ඇයට උප්පැන්නයක් සකසා දැරිය පාසල් යැවීම උදෙසා  මෙලෙස විවාහය සිදුකර ගැනීමට පැමිණි බවත් කාන්තාව  එහිදී පවසා ඇත.
 උප්පැන්නයක් නැති අවුරුදු තුනක් වයසැති දරුවා තමාගේ නොවන නමුත් දරුවා ද තම බාරයට ගෙන එම කාන්තාව විවාහකර ගැනීමට  කැමැති බවට ඇය හා පැමිණි පිරිමි තැනැත්තා ද එහිදි අදහස් දක්වා තිබි.


 ඔවුන් ගේ හැසිරීම් රටාව පිළිබඳව සැක සිතූ විවාහ ලේකම්වරිය  ඔවුන් ගැන තොරතුරු සොයන්නට කටයුතු කළාය.


ඔවුන්ගෙන් විස්තර අසා විවාහය සිදුකරන මුවාවෙන් ඔවුන් සමඟ කතා කරමින් සිටින අතරවාරයේ ඔවුනගේ තොරතුරු විමසන ලෙසට සිය සැමියාට විවාහ ලේකම්වරිය උපදෙස් දුන්නාය.  සිය සැමියාද තම ජංගම දුරකතනයෙන් ඔවුන් පදිංචි ප්‍රදේශවල තමා හඳුණන හිතවතුන්ට කතා කොට විවාහයක් ගිවිස ගැනීමට පිවිස සිටින අය ගැන වහාම තොරතුරු සොයා දෙන ලෙසට දැනුම් දී තිබි.


ඒ අනුව තතු සොයා ගිය හිතවතකු දැනුම් දී ඇත්තේ සිය සැමියා හේනේ පැළට ගිය අවස්ථාවේ දී ඔහුගේ විවාහක බිරිද සිය දරුවාද කැටුව නිවහන වසා මෙලෙස නව විවාහයකට පැමිණ ඇති බවයි. ඒ සමඟම ඇය විවාහකර ගැනීමට පැමිණි පිරිමි තැනැත්තාද තම බිරිය නිවසේ නිදා සිටියදී කුඹුරට යන මුවාවෙන් මෙහි පැමිණ ඇති බවට අනෙක් හිතවතාද තොරතුරු දැනුම් දී තිබේ. සිද්ධිය දැනගත් විවාහ ලේකම්වරිය හෙළි වූ කරුණු කසාදයට සූදානම් වූ නව යුවළ ඉදිරියට ගෙන පැහැදිලි කරන අතරවාරයේ දී එන පොට වැරදුණු බව වටහා ගත් ඊට සාක්කියට අත්සන් කිරීමට පැමිණි පාර්ශවකරුවන් ඔවුන් දෙදෙනා නිවසේ සිටිය දී කිසිවෙකුටත් නොකියා පලාගොස් ඇත.


ඒ සමඟම විවාහයට පැමිණි යුවළ ද විවාහ ලේකම්වරිය  පවසන මෙම තතු කෙසේ සොයා ගත්තාදැයි  ඒ පිළිබඳව පුදුමයට පත්ව මෙන් කුඩා දරුවාද රැගෙන ලැජ්ජාවට පත්ව මුණිවත රකිමින් ඉන් නික්ම ගොස් ඇත.



අදහස් (1)

කසාද බඳින්න ඇවිත් පොට වැරදිලා සාක්කියට ආ දෙන්නාත් පැනගිහිල්ලා

himal Friday, 31 August 2018 08:06 AM

කාන්තාවකට සැකයක් ඇති වූ විට එෆ්. බී. අයි. එකටත් වඩා හොඳින් රහස් පරීක්ෂක කටයුතු කරයි කියන්නේ ඔන්න ඕකයි.

:       19       99

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 124 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 674 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 803 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1216 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1544 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1017 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 188 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1478 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site