(වියලුව වාර්තාකරු)
තම නිවස පිටුපස කඳුවැටිය නාය යතැයි බියෙන් පසුවූ පුද්ගලයකු යාබද ඉඩමකවු ගල් වැඩපොළක ගලක් පිපිරවීම සඳහා දැමූ ගල් වෙඩිල්ලකට බියවී අඹුදරුවන් ද ඇදගෙන මහපාරට දිව යාමේ පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඔහු රට තොට සිදුවන දෑ පිළිබඳ බොහෝ විමසිල්ලෙන් සිටි අයෙකි.
මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමග ඇතිවී තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශයේ බොහෝ ස්ථානවල සිදුවන නායයාම් නිරන්තරයෙන් අසන්නට ලැබීම නිසා ඔහු රාත්‍රී කාලයේ පමණක් නොව දිවා කාලයේ පවා පසුවූයේ දැඩි විමසිල්ලෙනි.
නිවස පිටුපස පිහිටි විශාල වේල්ල තම නිවෙස මතට කඩා වැටෙතැයි දැඩි බියකින් පසු වූ හෙතෙම දිනකට කීප වරක් ගොස් එය නිරීක්ෂණය කළේ නිවසේ සෙසු පිරිසට ද හිරිහැරයක් වන පරිද්දෙනි.
පසුගිය දිනෙක ඔහුගේ නිවෙසට තරමක් දුරින් පිහිටි ප්‍රදේශයක පිහිටි ගල් වැඩපලක ගලක් පිපිරවීම සඳහා වෙඩි කීපයක් දමා ඇති අතර නාය යාම සිහි කරමින් නිවස තුළ අඩ නින්දේ පසු වූ ඔහු කිසිත් සොයා නොබලා නිවස පිටු පිටුපස නාය යාමක් සිදු වන බව පවසමින් අඹු දරුවන්ද ඇදගෙන මහපාරට දිව දිව ගොස් ඇත්තේ අසල්වැසියන්ටද ඇසෙන ලෙස මර ළතෝනි දෙමිනි.
මහ දවාලේ අසල්වැසියකු ගෙන් පිටවන මෙම විලාපය කුමක්දැයි දැකගැනීමට අවට නිවැසියෝ ද මහපාරට දිව ආවේ ලී පොලු_ කැති පිහි ආදියද අමෝරාගෙනය.
දෙපා වෙව්ලමින් ඔහු අසල්වැසියන්ට සිද්ධිය විස්තර කළේ වහාම හදිසි දුර දුරකථන අංකයකට කතා කර තම නිවස පිටුපස සිදුවන නාය යාම පිළිබඳ අදාළ අංශ දැනුවත් කරන ලෙස ඉල්ලමිනි.
කෙසේ වෙතත් ගල් වැඩපොළෙන් නිකුත්වූ වෙඩිල්ල කන වැකුනු ගැමියන් කීප දෙනෙකු සිනහ මුහුණින් කියා සිටියේ එය නායයාමක් නොව අල්ලපු ගල් වැඩපොළේ සිදු කළ පිපිරීමක් බවය.
දෙනෙත් බිමට හරවාගෙන නිවැසියන්ද සමග ඔහු නිවෙස වෙත එද්දී ‘මේ මිනිහට නං හොඳටම පිස්සුයැයි ඔහුගේ බිරිය අසල්වැසියන්ට ද ඇසෙන පරිද්දෙන් කියා සිටියේ’ එතෙක් හිරකරගෙන සිටි දැඩි කෝපය පිට කරමිනි.
සිද්ධීයෙන් පසුව කඩ පොළට යද්දී “ මාම ආයෙ නාය ගියේ එහෙම නැද්ද” යැයි කොල්ලන් අසද්දී හොඳවායින් දෙසන බවද ගම්මු කියති.
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ
සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කන්ද කඩා වැටුණයි විලාප දීලා