කෑගල්ල වඩුපොළ ප්‍රදේශයේ වෙළෙඳසලක් ඉදිරිපිට පුද්ගලයෙකු මියගොස් ඇති බවට 119 හදිසි දුරකතන අංකයට දැන්වීමෙන් පසුව කෑගල්ල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු අදාළ ස්ථානයට යන විට මිය ගොස් සිටියා යැයි කියන පුද්ගලයා පොලිසිය දැක නැගිට පලාගියේ යැයි කියන පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
ඉකුත් 14 දා කෑගල්ල පොලිස් වසමේ අලපලාවල වඩුපොළ ප්‍රදේශයේ වෙළෙඳසලක් ඉදිරිපිට පුද්ගලයකු මිය ගොස් ඇතැයි වෙළෙඳසල් හිමියා 119 හදිසි දුරකතන අංකයට දන්වා ඇති බව කෑගල්ල පොලිසිය කියයි.
පසුව කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් කුමාර පාරඹේ (53659) නිලධාරියාට හදිසි මරණයක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිතව තිබියදීත් එය පසෙකලා පොලිස් සැරයන් නිශ්ශංක (18060) මහතා සමග විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්‍ෂිකා දීපා මහත්මිය විසින් නිලධාරීන් දෙදෙනා අදාළ ස්ථානය වෙත යැවීමටත් මිය ගිය පුද්ගලයාගේ මූලික තොරතුරු සටහන් කර වාර්තාවක් කෑගල්ල පොලිසියට සපයන ලෙස දන්වා නිලධාරින් දෙදෙනා පොලිස් ස්ථානයෙන් පිටත් කර යවා තිබුණි.
එම කාලය අතරතුර කෑගල්ල පොලිසිය කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂකවරයාටද දන්වා අදාළ ස්ථානයට යැවීමට සූදානම් කෙරිණි. මනුෂ්‍ය ඝාතනයක් ද යන්න පිළිබඳ සැක සිතූ පොලිසිය වහාම ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කළේය.
අලපලාවල වඩුපොළ පුද්ගලයකු මිය ගොස් සිටිනවා යැයි කියන වෙළෙඳසල වෙත ගිය පොලිස් සැරයන්වරුන් දෙදෙනා යන විටද ප්‍රදේශයේ ජනතාව එක් රොක් වී සිටියහ. එහි සිටි පුද්ගලයකු “පොලිසියත් එනවා”යි කියනවාත් සමග මිය ගොස් ඇතැයි කියන පුද්ගලයා නැගිට ජනතාව අතරින්ම දිව ගිය බව පොලිසිය කියයි.
පසුව පොලිසිය ඔහු අල්ලා ප්‍රශ්න කළ විට කියා ඇත්තේ තමන් කෑගල්ල පොලිස් වසමේ දිවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් තම සහෝදරයකුගේ නිවසට ඉකුත් 13 දා රාත්‍රී යන්නට ගිය අවස්ථාවේදී තද නිදිමත ගතියක් දැනුණු බවත් පසුව තමන් තැන නොදැන නිදාගත් බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ මියගියා යැයි කියන පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කර සහෝදරයාගේ නිවසට යාමට නොහැකිව අලපලාවල වඩුපොළ ප්‍රදේශයේ වෙළෙඳසලක මිදුලක වැටී ඇති බවය.
මහජනතාව ද කිසි දෙයක් සොයා බලන්නේ නැතිව අවශ්‍ය දේටයි අනවශ්‍ය දේටයි හදිසි දුරකථන අංකය භාවිත කිරීමෙන් පොලිසිය අනවශ්‍ය අපහසුතාවට පත්වෙන බවද ඒ මහතා පැවසීය.
(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කඬේ ළඟ තිබූ‘මිනිය’ පොලිසිය එද්දී දුවලා