IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කට්ටඬියාගේ හූනියමෙන් හරක් එලෝ ගිහින්

ගමේ කට්ටඬිරාළ තමාගේ ගව පට්ටියට හූනියමක් කොට එළ ගවයන් තිදෙනකු මරණයට පත් කළ බවට ගව හිමියකු ගල්ගමුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.


පැමිණිල්ල සටහන් කර ගැනීමට පැවරී  තිබුණේ කොස්තාපල් අජිත් (48368) මහතාටය. නම, ගම ආදිය සටහන් කර ගත් කොස්තාපල්වරයා හැට විය ඉක්ම වූ මේ පැමිණිලිකරුගෙන් පැමිණිල්ලට කාරණා විමසීය.


“මේකයි රාලහාමි කාරණාව. මගේ හරක් පට්ටියට අපේ ගමේ අහවල් කට්ටඩියා හූනියමක් කරලා තියෙනවා. දවස් හතරක් ගියේ නෑ හරක් මැරෙන්නට පටන් ගත්තා. දැන් එළවැස්සියෝ තුන් දෙනෙක් මැරිලා. පැමිණිලිකරු නොනවත්වා විස්තර කරන්නට විය.


“ඈ.... ලොකු උන්නැහැ. ඕවා බොරු විශ්වාස නේද? ඔය හරක් මැරෙන්න ඇත්තේ ලෙඩ හැදිලා වෙන්න ඇති. මේ දවස්වල හරකුන්ට කුර රෝග වාගේ ලෙඩ බෝවෙලා තියෙනවා නේද? අජිත් කරුණු පහදා දෙන්නට පටන් ගත්තේය.


හ්ම්.... රාලහාමි දන්න කෙහෙල්මල. එහෙම රෝගවලට මැරෙනවා නම් මීට කලිනුත් මෙහෙම නාම්බ වැස්සියෝ මැරෙන්ඩ එපායැ. ඔය මිනිහා හූනියම් කළාට  පස්සේ තමයි හරක් මැරෙන්ඩ පටන් ගත්තේ” පැමිණිලිකරු තදින්ම කියා සිටියේය.


“හරි... මාමා කොහොමද කියන්නේ ඒ මිනිහාම හූනියම් කළා කියලා.”යි කොස්තාපල්වරයා ඇසූ විට “මගේ මේ දෑහින්ම දැක්කා මහත්තයෝ එක දවසක් උදේ ඔය මිනිහා දෙහි ගෙඩි වගයක් කපලා මගේ හරක් පට්ටියට විසි කරලා යන්ඩ ගියා. අම්මපා මහත්තයෝ මේ ඇත්ත.”.


“අනේ මන්දා අපට නම් ඕවා විශ්වාස නෑ. එහෙම හූනියම් කරන්න පුළුවන්නම් මිනිසුන් මරන්න පුළුවන්නේ” අජිත් රාලහාමි කීය.


‘ආන්.... ඒකනේ මං කියන්නේ. ඊළඟට ඔය මිනිහා මාවත් මරයි. ඒක හින්දා මහත්තයෝ ඔය කට්ටඩියා පොලිසියට ගෙන්වලා මේ වාගේ අපරාධ කරන්ඩ එපා කියලා මිනිහට සැරෙන් අවවාද කරන්ඩ. මට නඩු යන්ඩ ඕන නෑ. පොලිසියට ගෙන්වලා තදේටම කතා කරලා ඔය වැඬේ නතර කරන්ඩ කියන්න” පැමිණිලිකරු කීය.


කරුණු කාරණා තේරුම් කර දීමට නොහැකි තැන ඊට පසු දිනක ඒ කට්ටඩිරාළත්, පැමිණිලිකරුත් පොලිසියට කැඳවීමට සිදුවිය.


තමුන් මේ මාමගේ හරක් පට්ටියට හූනියම් කරලා කියා කියනවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ” කොස්තාපල්වරයා විත්තිකරුගෙන් විමසීය. තමන් එවැනි ක්‍රියාවක් කිසි දිනක කර නැති බව කට්ටඩිරාළ පවසද්දී “ඇයි නැත්තේ, තමුසේ එදා උදේ දෙහි කපලා මගේ පට්ටියට විසි කරනවා මං දැක්කානේ. ඇයි කෙබර ඇදබාන්නේ” යි පැමිණිලිකරු කෝපයෙන් කීය.


මඳ වේලාවක් කල්පනා කරමින් සිටි කට්ටඩිරාළ “රාලහාමි මේ කියන්නේ දවසක් මං සාත්තුවකට ගියා. දෙහි කැපිල්ලක් තිබුණේ. දෙහි කපලා ඉවර වෙලා ඒ දෙහි බෑ ටික තුන්මං හන්දියකට දාන්න ඕන නිසා මං ඒ දෙහි බෑ ටික මල්ලේ දාගෙන ඇවිත් මේ මනුස්සයාගේ හරක් ගාල ළඟින් විසිකරලා ගියා. එතැන තුන්මං හන්දියක්. ඒක තමයි ඔය කියන්නේ.


මේ හුටපටයට සවන් දී සිටි විවිධ පැමිණිලි අංශයේ සියලු නිලධාරීන්ට හා පැමිණ සිටි සිවිල් වැසියන්ට සිනාව නතර කර ගැනීමට සෑහෙන වේලාවක් ගත විය.

(ගල්ගමුව නිහාල් ජයවීර)



අදහස් (0)

කට්ටඬියාගේ හූනියමෙන් හරක් එලෝ ගිහින්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 807 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 891 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1106 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1031 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1287 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1630 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site