IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


උසස් පෙළ සිසුවියට අමුතු දෙයක් පෙන්වන්න හදලා

(සිටිනාමළුව - අනීශා මානගේ)
මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි විසි හැවිරිදි සිසුවියකට බස් රථයකදී තම රහසඟ පෙන්වූ බව කියන ධීවරයකු අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.


මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ලේ පදිංචි 38 හැවිරිදි අවිවාහකයකු බවද ඔහු ධීවරයකු ලෙස සේවය කරන අයකු බවද පොලිසිය කියයි.


මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින 20 හැවිරිදි මෙම සිසුවියට පෞද්ගලික බස් රථයක් තුළදී රහසඟ පෙන්වීමේ චෝදනාව මත සැකකරු ඉකුත් 10 වැනිදා තංගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 


බෙලිඅත්ත පොලිස් වසමේ පදිංචි තරුණිය මිතුරියකගේ නිවෙසට ගොස් යළි සිය නිවෙසට යාම සඳහා තංගල්ල බස් නැවතුම්පොළට පැමිණ පෞද්ගලික බස් රථයකට ගොඩ වී ඇතැයි පොලිසිය කියයි.  


එම අවස්ථාවේදී කිසිදු මඟියකු බස් රථය තුළ සිට නොමැති අතර තරුණිය සිය ජංගම දුරකතනය භාවිතා කරමින් සිටියදී පුද්ගලයකු පැමිණ ඇය අසල වාඩිවී තරුණියට ඔහුගේ රහසඟ පෙන්වා ඇති අතර තරුණිය මේ සම්බන්ධයෙන් ඇයගේ මවට දුරකතනයෙන් දැනුම් දී ඇත.  මවගේ උපදෙස් පරිදි ඇය මේ පිළිබඳව බස් රථයේ කොන්දොස්තරවරයාට දැනුම් දී කොන්දොස්තරවරයා පොලිස් නිලධාරින් දැනුම්වත් කර තිබිණි. 


සැකකරු බස් රථයෙන් බැස පලා යාමට උත්සාහ කර ඇති අතර පොලිස් නිලධාරින් ඔහු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.  
තංගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් මුදිත (60798), පොලිස් කොස්තාපල් කළුආරච්චි (68668) යන නිලධාරිහු සැකකරු අත්අඩංගුවට ගත්හ.


තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරී සනත් අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂක බන්දුල, කාන්තා පොලිස් සැරයන් කාන්ති (2190), කාන්තා කොස්තාපල් අනුත්තරා (10773) යන නිලධාරිහු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.



අදහස් (1)

උසස් පෙළ සිසුවියට අමුතු දෙයක් පෙන්වන්න හදලා

fairoos Tuesday, 13 October 2020 09:27 AM

මානසික රෝගීන්...

:       0       8

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 867 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 913 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1129 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1047 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1289 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1634 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site