(කඹුරුපිටිය ප්‍රීති ජයවර්ධන)
ආයතනයේ ප්‍රගතිය වෙනුවෙන් කරන ලද විශිෂ්ට සේවය ඇගයීම සඳහා පැවැත්වුණ සේවක උපහාර උළෙලකදී ප්‍රශංසා සහතිකයක් හිමිකර ගත් සේවකයකුට ප්‍රශංසා සහතිකය ලබාගෙන දින දෙකක් ගතවීමට මත්තෙන් වැඩ තහනම් කිරීමේ ලිපියක් නිකුත් කිරීමේ පුවතක් දකුණු පළාතේ එක්තරා පළාත් පාලන ආයතනයකින් වාර්තා වෙයි.
රට තුළ පැවති කොරෝනා වසංගත තත්වය හමුවේ සිය රාජකාරී කටයුතු කිරීමේදී විශිෂ්ට දායකත්වයක් දැක්වූ සේවකයන් සහ ආයතනය ඵලදායිතා සම්මාන තරගාවලියට ඉදිරිපත්වීමේදී ඒ වෙනුවෙන් උපරිමයෙන් කැපවී කටයුතු කළ සේවකයන් ඇගයීම සඳහා මෙම උපහාර උත්සවය ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයකුගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබිණි.
සේවක උපහාර උත්සවය පැවති දිනයට පසුදින රාජකාරී කටයුතු කරන අතරතුර සිදුවී ඇතැයි කියන විනය විරෝධී කටයුත්තක් හේතුවෙන් සේවක උපහාර උත්සවයේ උණුසුම මැකී යාමටත් කලින් එම සේවකයාට වැඩ තහනම් කිරීමේ ලිපියක් ආයතන ප්‍රධානියා විසින් නිකුත්කර තිබෙන බව කියති.
සේවකයන් දිරිගන්වා ආයතනය මගින් ප්‍රදේශයේ ජනතාවට වඩාත් හොඳ සේවයක් ලබාදීමට ආයතන ප්‍රධානීන් දරණ උත්සාහය සේවකයන් වටහා නොගැනීම කනගාටුදායක තත්ත්වයක් බව ආයතනයේ සෙසු සේවකයෝ පෙන්වා දෙති.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උපහාර උළෙලේ විශිිෂ්ටයා සහතිකය අරන් පිස්සු කෙළලා