IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉවසිල්ල වැඩිවෙලා රියබලපත අතටම ලැබිලා

රිය පැදවීම සඳහා ලබා ඇති ප්‍රවීණතාව ප්‍රමාණවත් නැති බවට  මෝටර් රථ පරීක්‍ෂකවරයා කළ දැනුම්දීමෙන් පසු කලබල වීමෙන් තොරව ඉවසිල්ලෙන් යුතුව නියමිත සංඥා අනුව ගොස් වාහනය නවතා ඉන් බැස යද්දී ඒ හේතුව මතම රියැදුරු බලපත්‍රයක් ලබාදීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර පළාතේ නගරයකින් වාර්තා විය.


වයස තරමක් මුහුකුරා ගිය රටේ නමගිය තැනක සේවය කළ පුද්ගලයෙකි. වාහන පැදවීමට සුළු හැකියාවක් තිබුණත් ඔහුට රියැදුරු බලපත්‍රයක් තිබුණේ නැත. පවුලේ අයගේ ද කැමැත්ත මත කුඩා ලොරියක් මිලදී ගත්තේ රැකියාවෙන් විශ්‍රාම ලැබූ පසු ව්‍යාපාරයක් කරන අරමුණ ඇතිවය.


රිය පැදවීමට බලපතක් ලබා ගැනීම අවශ්‍ය බැවින් රිය පුහුණු පාසලකට ගිය ඔහු ඒ සඳහා කටයුතු කළේය. පුහුණුවෙන් පසු ප්‍රවීණතාව පෙන්වන දිනය උදා විය. හිතේ චකිතයක් තිබුණත් ඔහු පරීක්‍ෂකවරයා හමුවේ රිය පැදවූයේ දැඩි කල්පනාවෙනි. වැඩි සැලකිල්ලෙන් කළ ධාවනය පරීක්‍ෂකවරයාගේ සිත් ගත්තේ නැත. “තව ටිකක් පුහුණු වෙලාම ලයිසන් එක ගනිමු නේද?” කී පරීක්‍ෂකවරයා වාහනය නතර කරන ලෙසට උපදෙස් දුන්නේය.


පරීක්‍ෂකවරයාගේ වචනයෙන් සිත් තැවුලක් ඇති කර නොගත් ඔහු කිසිදු කලබලයකින් තොරව නියමිත සංඥා දක්වමින් වාහනය පාරේ අයින් කර නවතා සුක්කානමට ආචාරකර රියෙන් බැස්සේ පසුව අවස්ථාව උදා කර ගන්නා අදහස ඇතිවය. ඔහුගේ සන්සුන් ක්‍රියාකලාපය ගැන පැහැදුණු පරීක්‍ෂකවරයා “මහත්තයා ආයේ එන්න ඕන නැහැ. මේ තරමට ඉවසිල්ල තියෙන එකම ඇති” යි පවසා තාවකාලික බලපත්‍රය ලියා අතට දුන්නේය.
(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)

 



අදහස් (0)

ඉවසිල්ල වැඩිවෙලා රියබලපත අතටම ලැබිලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 454 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 761 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 627 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1133 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 877 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 758 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site