IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇද පොල් ගස් අදින ගමන් කතගේ අතත් අතගාලා

නිවෙස්වල ඇති ඇලවූ පොල් ගස් අවදානමක් නොවන පරිදි ඇදීමේ කටයුතු සිදුකරන පිරිස් ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් සොයා ගත හැකිය.


මාතලේ දිස්ත්‍රික්කයේ මඩවල ප්‍රදේශයේ දී මෙම කටයුත්තේ යෙදුනු පුද්ගලයින් කිහිපදෙනකු විසින් සිදුකළ එක්තරා කාර්යයක් පසුගිය දා වේගයෙන් පැතිර ගියේය.


සුපුරුදු පරිදි සිය රැකියාවේ නිනරත කිහිපදෙනෙකුගෙන් යුතු පොල්ගස් අදින පිරිස මඩවල ප්‍රදේශයේ නිවසක් අසලට ගොස් පැමිණි කාරණාව කියා ඇත.


වත්තේ ඇති ඇලවී ඇති පොල් ගසක් ඇද වෙනත් ගසක ගැටගැසීටම අය කරන මුදල් පිළිබඳව ද සාකච්ඡා කර ඇත්තේ එම නිවසේ සිටි කාන්තාව සමගය.


වැඬේ පටන් ගැනීමට පෙර විවිධ කතාබහේ නිරතව ඇති පිරිසේ එක් තරුණයකු නිවැසි කාන්තාවගෙන් වතුර වීදුරුවක් ඉල්ලා ඇති අතර ඇයද නොපැකිලිව නිවසට ගොස් වතුර වීදුරුවක් රැගෙන විත් තිබේ.


වතුර වීදුරුව රැගෙන මිදුලට පැමිණෙන කාන්තාවගේ පෙර මගට ගිය ඉහත කී තරුණයා සිනාමුසු මුහුණින් වතුර වීදුරුව කාන්තාවගෙන් ඉල්ලන ගමන් ඇගේ අතින්ද ඇදීමට කටයුතු කළේය.


සිද්ධියෙන් උරණ වූ කාන්තාව පොල් ගස් අදින්න ඇවිත් අතින් අදින්න ආවාද පලයව් යන්න ඒ පොල් ගස් ඇදිල්ලෙන් කමක් නෑ යි ගෝරනාඩු කරන්නට විණි.


සිද්ධියෙන් කලබලයට පත් තරුණයා වතුර වීදුරුවද පැත්තකට දමා සෙසු පිරිසත් සමග පවනට බඳු වේගයෙන් නිවසින් පළා ගොස් තිබේ.


පුදුම සහගත කරුණ වී ඇත්තේ සිද්ධිය වූ නිවසට යාබද නිවසකට ද මෙම පිර්ස පැමිණ ඇති අතර අහම්බෙන් එම නිවසට සිද්ධියට මුහුණ දුන් කාන්තාව ගිය අවස්ථාවක මෙම පිරිස දැක තිබේ.


එක් තරුණයෙක් පොල් ගසක මද දුරක් නැග සිටි අතර අනෙක් පිරිස පොල් ගස ඇදීම සඳහා කටයුතු සූදානම් කර ඇත.


බැනවැදුනු කාන්තාව දුටු සැනින් බඩු මුට්ටු අකුලන් පිරිස පළායන අයුරු නිවැසියන් ද බලා සිටින ගමන් විමසා ඇත්තේ  අක්කා දකිනකොට මේ ළමයි දුවන්නේ ඇයි  කියාය.


මුං එන්නේ පොල්ගස් අදින්න. අන්තිමට ගෑණුන්ගේ අතින් අදින්න තමයි කල්පනාව. 


කරුණු කාරණා වටහාගත් එම නිවසේ වැසියන්ද නැවත කිසිදිනක ඇද වූ පොල් ගස් කෙළින් කරන්නට පිටස්තරයින් යොදා නොගැනීමට තීරණය කළේය.
(නාඋල - ඉන්දික අරුණ කුමාර)

 



අදහස් (0)

ඇද පොල් ගස් අදින ගමන් කතගේ අතත් අතගාලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 740 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 854 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1085 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1023 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1286 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1626 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site