මුදලාලි මසුරෙකි. කිසිදු මුදලක් හෝ භාණ්ඩයක් අතමාරුවටවත් නොදෙන අයෙකි.
දිනක් අසල්වැසියකුට විල් බැරෝවක් අවශ්‍ය විය. ළඟපාත විල්බැරෝවක් තිබෙන්නේ මුදලාලි ළඟය. එහෙත් කෙළින්ම විල්බැරෝව ඉල්ලුවොත් නොදෙන බව හොඳාකාරවම දන්නා ඔහු මේ සඳහා ප්‍රයෝගයක් කල්පනා කරමින් මුදලාලිගේ නිවසට ගියේය.
“ඇයි? බං උදෙන්ම” මුදාලාලි විමසීය.
“පොඩි බඩුවක් ඉල්ල ගන්නයි ආවේ, මුදලාලි” අසල්වැසියා පැවසීය.
“මොකක්ද,....” මුදලාලි ඇසීය.
“මට රු. 2000ක් දෙන්න මං පොලියකුත් එක්ක ඉක්මනින් ගෙනත් දෙන්නම්” අසල්වැසියා පැවසීය.
“අනේ බං මේ දවස්වල මොන සල්ලිද? වෙළෙඳාමත් එච්චර හොඳ නැහැ. බැංකු ගිණුම් ඕ.ඩී.වෙලා. උඹත් ආවේ හරිම දවස්වල. අනේ තරහනම් වෙන්න එපා නැතිකමයි කිව්වේ” යැයි පින්සෙන්ඩු විය.
“කමක් නැහැ මුදලාලි නැති නිසානේ කියන්නේ. එහෙනම් අර මඩුවේ තියන “විල්බැරෝව” වරුවකට දෙන්නකෝ. වැඬේ කරගත්ත ගමන් ගෙනත් දෙන්නම්” අසල්වැසියා පැවසීය.
“එහෙමනම් ගෙනියපං පරෙස්සමෙන් පාවිච්චි කර ගෙනත් දීපං” යැයි මුදලාලි කීය.
මෙහෙම ප්‍රයෝගයක් නොකළානම් මේ මුදලාලියාගෙන් කවදාවත් මේ විල්බැරෝව ඉල්ලගන්න බැහැ. තමන්ටම කියා ගනිමින් අසල්වැසියා විල්බැරෝව තල්ලු කරගෙන නිවසින් පිටවිය.
(අම්බල්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර)
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අසල්වැසියාගේ උප්පර වැට්ටියට මුදලාලි අහුවෙලා