IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අසනීප බ්රිය දරුවන්ට බාරදී සැමියා අනියම් පෙමත් එක්ක ස්වයං නිරෝධායනයට ගිහින්

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
අසනීපව සිටින බිරිඳ රැකබලා ගැනීමට පිටස්තර සිටින දරු දෙදෙනා නිවෙසට ගෙන්වා සැමියා අනියම් බිරිඳගේ නිවෙසට සිය කැමැත්තෙන්ම නිරෝධායනය වීමට ගිය පුවතක් පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


ඔහු විවාහක දෙදරු පියෙකි. තම බිරිඳ අංශභාගය රෝගය වැළඳී කාලයක සිට නිවසේ රැඳී ප්‍රතිකාර මත පසුවන්නියකි.


තම වැඩිමල් පුතාත්, බාල දියණියත් විවාහ වී පිට පළාත්වල වාසය කරති.


ඇඳිරි නීතිය පනවන කාලසීමාව තුළ නිවෙසේ පසුවූ පියා තම දරුවන් අමතා කියා ඇත්තේ, අම්මාට අසනීප වී ඇති බැවින් වහාම ගෙදරට පැමිණෙන ලෙසටය.


ඒ අනුව බස්නාහිර පළාතේ ජීවත්වෙන පුතා හා දියණිය වහාම අදාළ පොලිස් ස්ථාන වෙත ​ගොස් ඇඳිරි නීති බලපත්‍ර සකසාගෙන නිවෙසට පැමිණ ඇත්තේ පියාගේ දැනුවත් කිරීමට අනුව අම්මා අසනීපයෙන් පසුවන නිසා ඇයට ප්‍රතිකාර ලබාදී ඇය රැකබලා ගැනීමටය.


දුව දරුවන් හා විවාහක බෑනා සමගින් ද, අලුත විවාහක පුතු තම ලේලිය සමගින්ද නිවෙසට පැමිණි පසුව පියා හදිසියේ නිවසින් අතුරුදන්ව ඇත.


ඒ ගැන සොයා බැලීමේදී පියා අනියම් ඇසුරක් පවත්වන විවාහයෙන් වෙන්ව සිටින එක්දරු මවකගේ නිවසට ගොස් ඇති බවත්, ඇය ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බැවින්, එහි ගිය මෙම තැනැත්තා ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් දින 14කට එහි ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් තම දරුවන්ට එහිදී දැන ගන්නට ලැබුණි.


ඒ පිළිබඳව දරුවන් පොලිසියට පැමිණිලි කිරීමට ගොස් ඇතත්, දින 14 කාලය නික්ම යනතුරු සිද්ධිය සම්බන්ධව පැමිණිල්ල විභාග කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැව් පොලිසිය පැවසීමෙන් පැමිණිල්ල විභාග කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බැව් පොලිසිය පැවසීමෙන් අනතුරුව දරුවන්ගේ පියා හිතාමතාම දරුවන් නිවෙසට කැඳවා සිය කැමැත්තෙන්ම ස්වයං නිරෝධායනයට ලක්ව ඇති අනියම් ඇසුර පවත්වන එම නිවෙසට ගොස් ඇති බවට එම දරුවන්ටද තොරතුරු අනාවරණය වී ඇත.



අදහස් (1)

අසනීප බ්රිය දරුවන්ට බාරදී සැමියා අනියම් පෙමත් එක්ක ස්වයං නිරෝධායනයට ගිහින්

රෝහිණී මාරසිංහ Tuesday, 26 May 2020 04:06 PM

මෙහෙමයි, ඉස්සර වාගේ නෙවෙයි ඔය අනියම් ඇසුරු ගැන ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි කාලයක් මේක. ගෙස්ට් හවුස් පවත්වාගෙන යන අයට කන කොකා තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 567 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 789 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1044 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1002 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1274 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1618 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site