IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අවුරුදු උළෙල අවසානයේ බණ යටගිහින් සංගීතය මතුවෙලා

(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
අවුරුදු උත්සවයක් පවත්වා සවස් කාලයේ කාව්‍යමය ධර්ම දේශනයක් පවත්වන බව පවසා ගම්වාසීන්ගෙන් ආධාර එකතුකොට උත්සවය අවසානයේ සංගීත සාජ්ජයක් පැවැත්වූ පිරිසක් පිළිබඳව දකුණු පළාතේ ගම්බද ප්‍රදේශයකින් වාර්තා විය. 


සිංහල අලුත් අවුරුද්දට පෙර සිටම ආධාර එකතු කිරීමට සංවිධායකයින් කටයුතු කර තිබුණි. සමානාත්මතාව, විනිවිදභාවය, සංස්කෘතිය, සිරිත් විරිත්, සමාජවාදය ගැන උදම් අනන වැඩිහිටිපිරිසක් ද උත්සවය සඳහා උපදෙස් දීමට හා මගපෙන්වීමට එකතුවී සිටි බවද පැවසේ. කවි බණ ඇසීමේ අරමුණින් ගම්වැසියන් රුපියල් සියය, පන්සියය දහස ආදී ලෙස ආධාර ලබාදීම ද සිදුකර ඇති බව පැවසේ.


බක්මහ උළෙල අවසානයේදී සංවිධායක කමිටුවේ සාමාජිකයින් සංගීතයට නටන්නට පටන් ගත් අතර එය මධ්‍යම රාත්‍රිය පසුවනතෙක්ම පැවැති බව වාර්තාවේ. ශබ්දවාහිනී උපකරණ හා අනෙකුත් පහසුකම්ද ඒ ඒ ආයතන නොමිලේම සපයා තිබූ නමුදු ආධාර ලබාදුන් පිරිස පිංකමේ  ආනිශංස ගැන සඳහන් කරමින් ප්‍රතිචාර දැක්වීම ආරම්භ කිරීම හේතුවෙන් සංවිධායක පිරිස ප්‍රසිද්ධියේ ගමන් බිමන් යෑමෙන්ද වැළකී ඇතැයි එම ප්‍රදේශයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් පැවසේ. මගපෙන්වූ වැඩිහිටි පිරිස ද ගමේ දක්නට නොලැබෙන බවටද තොරතුරු අනාවරණය වේ. 

 



අදහස් (0)

අවුරුදු උළෙල අවසානයේ බණ යටගිහින් සංගීතය මතුවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 542 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 890 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 935 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1246 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1581 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1026 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1405 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site