(තිහගොඩ - උපසේන ලියනගම)
කොරෝනා උවදුර නිසා පාසල් ප්‍රමාද වී පටන් ගත්තද අවශ්‍ය ගුරුවරුන්ගේ නොපැමිණීම නිසා සිංහල ඉගැන්වීමට ආදේශක ගුරුවරියක යොදවා ගැනීමෙන් වූ අපූරු සිදුවීමක් වාර්තා වූයේ උඩරට ප්‍රදේශයේ පාසලකිනි.
මේ ගුරුතුමිය පාසලේ කෘෂිකර්මය ඉගැන්වුවත් අවශ්‍යතාව නිසා සා.පෙළ පන්තියට සිංහල ඉගැන්වීමට යොමුකොට විදුහල්පතිවරයා ද පන්තිය දෙසට ගියේ ඒ ගැන තවදුරටත් සෙවීමටය. පද්‍ය සාහිත්‍යයේ කවියක් තේරුම් කළ ගුරුවරිය ‘‘දිඹුල මල නිසා වෙහෙසෙනු වැනි දියැද’’ යන්න කියා දිඹුල මල යනු දියේ පිපෙන මල් බවත්, ඒ මල්වලට දිය ඇදීමේ පලක් නොවන බවත් මෙහිදී කවියා පැවසී යැයි කීය.
දිඹුල මල යනු අත්තික්කා මල් බව දන්නා විදුහල්පතිවරයා, මේ පාඩමෙන් අන්දමන්දව ගුරුතුමිය පසෙකට කැඳවා කීවේ ‘‘දිඹුල මල්’’ යනු අත්තික්කා මල් බවය.
‘‘අත්තික්කා ගස්වල මල් කොයින්ද සර්’’ ඇය විමසුවෙන් ඒක තමයි අත්තික්කා ගස්වලට වතුර ඇදීමෙන් පලක් නැතැයි කවියා කීවේ’’ විදුහල්පති කී විට ඇය ලජ්ජාවට පත්ව ආපසු පන්තියට ගියේ මහත් තැතිගැන්මකිනි.
කෙසේ වෙතත් මේ ආරංචිය සෙසු ගුරුවරුන්ට ආරංචි වීමෙන් පසු ඔවුන් ‘‘දිඹුල මල’’ කී විට ඇය මහත් කලබලයට පත් වෙනවාලු.
විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට
අලුත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලුණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අලුත් ගුරුවරියට විදුහල්පතිගෙන් සිංහල පාඩමක්
ana Wednesday, 19 August 2020 08:57 AM
අත්තික්කා මල් තිබෙන බවත්, එය ප්‍රාග් උදුම්බරය නම් පුෂ්ප මංජරියට අයත් බවත් කෘෂිකර්ම ගුරුවරියක නම් දැන සිටිය යුතුයි. අත්තික්කා පමණක් නොව සෑම නුග කුලයේ ශාකයකම මෙම වර්ගයේ පුෂ්ප මංජරී තියෙන්නේ. නමුත් එම මල් කුඩා නිසා සහ ආවරණයක් තුළ ඇති නිසා දැකිය නොහැකිය. නමුත් සාහිත්‍යමය ලෙස අත්තික්කා මල් නැති ලෙස පිළිගැනීමේ වරදක් නැහැ...