IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අඹගහෙන් ඇදවැටී හොරගමන මාට්ටු

(මොරගොල්ලාගම - සිසිර කැලේගම)

අඹ ගසකට ගොඩ වී වහලයට මාරු වී අන් සතු නිවසකට මැදියම් රාත්‍රියේදී ඇතුළුවීමට තැත් කළ තැනැත්තෙකු අඹ ගසෙන් ඇද වැටී තුවාල ලබා රෝහල් ගතකිරීමේ පුවතක් පොල්පිතිගම පොලිසියෙන් වාර්තා විය.

පොලිසිය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.

නිවස අසල ඇති අඹ ගසක ආධාරයෙන් වහලයට මාරු වීමට මෙකී තැනැත්තා ඉකුත් 15 වෙනි දින මැදියම් රාත්‍රියේදී තැත් කළ අවස්ථාවේදී එකී නිවසේ බල්ලන් බුරන ශබ්දයට නිවැසියන් විදුලි පහන් දල්වා දොරවල් විවෘත කර එළියට පැමිණ ඇත. ඒ අවස්ථාවේදී වහලය මත සිටි මෙම තැනැත්තා කලබලයට පත්ව අඹ ගසේ අත්තක ආධාරයෙන් යළි බැස පලා යෑමට තැත් කිරීමේදී අඹ අත්ත කඩාගෙන බිමට ඇද වැටී තිබේ.

ඒ සමඟම නිවැසියන් ඒ බව පොලිස් හදිසි ඇමතුම් (119) අංශයට දුන් තොරතුරු මත පොල්පිතිගම නියදවනය ප්‍රදේශයේ පිහිටි එම නිවසේ මිදුලේ වැටී සිටි තැනැත්තා අත්අඩංගුවට ගෙන ඒ මොහොතේම පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළේය.

ගසෙන් බිමට ඇද වැටීමෙන් ඔහුගේ පාදයට තුවාල සිදුවී ඇති බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොබන බව රෝහල් සේවකයෙක් ප්‍රකාශ කළේය. වහලයට මාරු වී නිවසට ඇතුළුවීමට මෙම තැනැත්තා තැත් කළ අස්ථාවේදී මෙකී අනතුරට පත්ව ඇති බවට තොරතුරු අනාවරණය වෙන බැවින් ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ අරඹා ඇතැයි පොල්පිතිගම පොලිසිය පැවසීය.



අදහස් (0)

අඹගහෙන් ඇදවැටී හොරගමන මාට්ටු

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 283 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 703 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 977 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 976 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1261 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1601 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site