IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අනේ! රාලහාමි නිකං සල්ලං නොවී පැත්තකට වෙන්න මං හොඳ පිහිනුම් ශූරයෙක් අන්තිමේ කකුලෙන් බාගයක් කිඹුල් කට

(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරලආරච්චි)
“මට හොඳට පීනන්න පුළුවන්. තරගෙට පීනලා තෑගිත් සම්මානත් අරගෙන තියෙනවා. අනේ! රාලහාමි ගඟ බොහොම සැරයි. මාව අල්ලන්න ගිහිල්ලා ගඟේ ගහගෙන ගිහින් ගිලිලා මැරෙන්න හදන්න එපා.”


බූරුපොළ වැටලූ පොලිස් නිලධාරින්ගෙන් බේරීමට ගඟට පැන පීනා යමින් සිටි පුද්ගලයකු එසේ කියා ඇත්තේ ගඟ මැද දී තමාගේ කකුලෙන් අල්ලාගත් පොලිස් නිලධාරියාටය.


සිද්ධිය මෙසේය.


අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ බූරු පොළකි. එය ඉතාම රහසිගතව පොලිස් ඇසට වැලි ගසමින් පවත්වාගෙන යන්නකි. එදින රාත්‍රී 8.00 හෝ 8.30ට පමණ ඇත. අමාවක දිනයක් බැවින් මුළු ප්‍රදේශයම ගණ අඳුරෙන් වැසී පවතී. වරින්  වර ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව නිසාද තව තවත් ගණ අදුර වැඩිවෙමින් පැවතිණි. කලා මැදිරි එළියක් හැර වෙනත් එළියක් බූරු තිප්පොළ පැත්ත පළාතේ නැත. එනම් කෑලි කැපිය හැකි ගණ අඳුරකි. 


ලද තොරතුරක් මත මෙම රහසිගත බූරු පොළ වැටලීමට පැමිණ ඇත්තේ සීතාවක කොට්ඨාස විශේෂ  දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරින් පිරිසකි.


පොලිසිය බූරු පොළ වටලන අවස්ථාවේ සූදු කෙළියේ යෙදී සිටි පිරිස් ඔන්න පොලීසියෙන් පැන්නෝයි පිරිසේ අයකු පවසනවාත් සමඟ බූරු ගැසූ පිරිස හිස් ලූ ලූ අත සී සී කඩ දුවන්නට පටන් ගත්හ. 


ඒ අවස්ථාවේ 10ක් 15ක් වැනි පිරිසක් සූදු කෙළියේ යෙදී සිටි බව කියති. ඉන් පස් දෙනකුත් බූරු කුට්ටම සහ මුදලුත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.


බූරු ගැසූ පිරිස අතුරෙන් සූදු අන්තුවෝ දෙදෙනෙක් කැලණි නදියේ ගුරුගල්ල නව පාලම දෙසට වේගයෙන් දිව ගියහ. පොලිස් නිලධාරීහුද  විදුලි පන්දම් එල්ල කරමින් එම දෙදෙනා පසුපස ලුහු බඳින්නට වූහ. තමන්ගේ පිහිනීමේ දක්‍ෂතාව ගැන පාරම්බෑවේ එම අවස්ථාවේ ගඟට පැන පිහිනූ එක් සැකකරුවෙකි. 


පොලිස් නිලධාරියා අල්ලාගෙන සිටි කකුල වැරෙන් ගස්සමින් එගොඩ ගොඩට පිහිනා ගිය සූදු අන්තුවා ආධාර ඉල්ලා කෑගසා තිබේ. එම කෑගසීම ඇසී ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පන්දම් එළි රැගෙන පැමිණ පරික්‍ෂා කිරිමේදී මොහුගේ කකුලෙන් කොටසක් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව හෙළිවිය.


ප්‍රදේශවාසීන්ගේ ආධාර ඇතිව ඔහු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කරනු ලැබීය. 


සීතාවක කොට්ඨාස පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මත එම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ.එම්. ගරුසිංහ සැරයන් (69295) රාජගුරු, පොලිස් කොස්තාපල්වරු වන (745057) බණ්ඩාර, (88467) විජේසූරිය, (73844) ක්‍රිෂ්නා යන පොලිස් නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

 



අදහස් (0)

අනේ! රාලහාමි නිකං සල්ලං නොවී පැත්තකට වෙන්න මං හොඳ පිහිනුම් ශූරයෙක් අන්තිමේ කකුලෙන් බාගයක් කිඹුල් කට

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 371 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1071 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1441 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 996 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


සොහොන් කොත වැරදී කණුවට ඉටිපන්දම් පත්තු කරලා
2024 අප්‍රේල් මස 08 834 0

සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේ


ඇප වෙලා අලි අමාරුවක වැටිලා
2024 අප්‍රේල් මස 05 1239 0

හේ දකුණේ ප්‍රසිද්ධ චරිතයකි. පියා ද වැදගත් රැකියාවක් කරමින් සිට විශ්‍රාම ලබා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මියගියේ ය. මෙහිදී මියගිය අයගේ වැඩිමහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 144 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1351 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site