(වෙන්නප්පුව - රවින්ද්‍ර ලියනගේ)
තරුණ කාන්තාවකගේ නිරුවත් පින්තූර ලබාගෙන එය සමාජජාල වෙබ් අඩවියට මුදා හරින බවට තර්ජනය කළ පුද්ගලයකු කාන්තාවගේ නිවෙසට ගෙන්වා ගෙන පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණ අඹු-සැමි යුවළක් පෙරේදා (7) අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි. අතින් පයින් පහරදීමෙන් තුවාල ලබා ඇති පුද්ගලයා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මොහු දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන තිබේ.
කාන්තාව මුහුණුපොතෙන් දඹුල්ල ප්‍රදේශයේ තරුණයකු හඳුනාගෙන ඇති අතර ටික කාලයක් ඇසුරු කිරීමෙන් අනතුරුව කාන්තාව තරු- ණයා නිවසට ගෙන්වාගෙන අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබෙන බවට අනාවරණය වී ඇති බව කීය. ඒ අතරතුර කාන්තාවගේ නිරුවත් ඡායාරූප ද ජංගම දුරකතනයෙන් ලබාගෙන එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට කාන්තාවට එම පුද්ගලයා විසින් වරින්වර තර්ජනය කර ඇති බව ද පොලිසිය කියයි. මෙම සිද්ධිය කාන්තාවගේ සැමියාට ආරංචි වීමත් සමග දෙදෙනා අතර ආරවුලක් ඇති වී ඇති බවත් අනතුරුව බිරිය ලවා තරුණයාට දුරකතන ඇමතුමක් දී සිය නිවසට ගෙන්වා ගෙන කාමරයක සිරකර තරුණයාගේ ජංගම දුරකතනයේ තිබූ නිරුවත් පින්තූර මකා පහර දී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු හා ඔහුට අනුබල දුන් කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පහර කෑ පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි. අත්අඩංගුවේ සිටින දෙදෙනා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.බී. අබේරත්න මහතාගේ උපදෙස් ඇතිව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් ලියනගේ සහ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ යන මහත්වරු
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අනියම් බිරියගේ ගෙදරටම ඇවිත් ඇතිවෙන්න ගුටි කාලා
banda Friday, 09 March 2018 01:54 PM
වෙන්නප්පුවේ ඕක සාමාන්‍ය දෙයක්.
sampath Saturday, 10 March 2018 01:59 PM
මේක ලංකාවේම පොදු තත්වයක්... ගෙදරට ගෙන්නවාගෙන සුද්දයක් දානවා සල්ලි නැති වුණාට බොරු චෝදනාවක් හදනවා. ඒ නිසා මේවගේ දේවල් විමර්ෂණයේදී ඉතා බුද්ධිමත් වෙන්න ඕනේ...
pitigala Sunday, 11 March 2018 02:19 AM
දැන් තියෙන්නේ තුන් දෙනාම එකට පොලිස් කූඩුවේ දවසක් තියන එකයි. එතකොට ඒ ගොල්ල ප්‍රස්නේ හොඳින් බේරා ගනියි.
naradha Wednesday, 14 March 2018 10:35 AM
ඕව තමයි මුහුණු පොතෙන් වැඩි පුර වෙන්නේ. මුහුණුපොත ලංකාවේ සදාකාලිකව තහනම් කළ යුතුයි.