IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අනියම් ප්‍රේමයට බල්ලා හරහට

(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
සුරතලයට ඇති කරන සුනඛයෙකු නිසා හාම්පුතා අනියම් පෙමක ඇසුරක් ලබන්නට ගොස් අසුවීමේ පුවතක් ඇතුල්පුරවරයට අයත් ගොවිජනපද ව්‍යාපාරයකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


අසල නිවසක පදිංචිකරුවන් හදිසියේ එම නිවසින් නික්ම ගියේ එම පවුලේ තවත් අයෙකුගේ මළගෙදරකට සහභාගි වීම සඳහාය. එලෙස යන බව දත් යාබද නිවසක සිටින විවාහක ගෙයි හිමියා වසා ඇති නිවසේ යතුර කල්වේලා ඇතිව යම් අවශ්‍යතාවකට ඉල්ලා ගෙන ඇත.


ඒ අනුව නිවැසියන් නික්ම ගිය පසුව ඔහු සැලසුම් කළ පරිදි ඔහුගේ අනියම් පෙම්වතිය එම නිවසට කැඳවාගෙන එන්නට ඔහු සැලසුම් කර තිබුණි.


සුපුරුදු පරිදි ඇඳිරි වැටීමත් සමඟම නිවසේ දොර විවෘත කරගත් අසල්වැසියා තම පෙම්වතිය කැටුව නිවස ඇතුළට ගොස් දොර වසා ගත්තේය. 


ඔහු එම නිවස ඇතුළට යනවා දුටු සුනඛයා ගේ වටා දිව යමින් තොරතෝංචියක්  නොමැතිව බුර බුරා දිව ගියේ තම හම්පුතා නොපෙනෙන ලෙසට එහි දොරවල් වසා ගත් නිසාය.


කවදාවත් නොසිතු අයුරින් සුනඛයා කෑ ගසන අයුරු දත් යාබද නිවසේ පිරිස්  හා අවට පිරිස් පවා ඒකරාශීව ඒ ගැන විපරම් කළේ වසා ඇති  නිවසට සොරු කණ්ඩායමක් ඇතුළු වී හෝ යම් සිදුවීමක් ඇතුළත සිදුවන බවට සැක පහළ කරමින්ය.


සියල්ල විපරම් කරන අතරවාරයේ ඒ අසල පිටත රැඳී සිටි තැනැත්තෙකුගේ ජංගම දුරකතනයක් නාද විය.


වසා ඇති නිවසේ ඇතුළත සිටින්නේ තමා බැවින්  වහා තම බිරිය හා දරුවන් එතැනින් ඉවත් කරවන ලෙසත්, රැස්ව සිටින පිරිස ඉවත් කරවන ලෙසත් හෙතෙම කාරුණික ඉල්ලීමක් කළේය.


සිද්ධිය වටහා ගත් ඔහු වහා සංවාදය නවතා පිටත සිටි සියලු දෙනා එතැනින් ඉවත් කර ගිය පසුව ඇතුළත සිටි තැනැත්තා පෙම් සුව විඳීම පසෙක තබා වහ වහා එතැනින් නික්ම ගියාලු.


සුනඛයා නිසා පෙම් සුවය විඳින්නට නොහැකි වුවත් එහි ඇතුළු වූ යුවළගේ නිවෙස්වලට පමණක් රහසක් වූ එය දැන් ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේලු.



අදහස් (1)

අනියම් ප්‍රේමයට බල්ලා හරහට

ravi Tuesday, 23 June 2020 05:29 AM

මේ බල්ලට පොලිසියේ ජොබ් එකක් දෙන්න බැරිද?

:       0       23

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 579 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 907 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 946 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1248 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1584 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1026 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site