(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
මාමණ්ඩියගෙන් සිය ප්‍රේම සම්බන්ධතාවට කැමැත්ත ලබාගැනීම සඳහා අපූරු උපක්‍රමයක් යෙදූ තරුණයකු පිළිබඳව ගම්බද ප්‍රදේශයකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය,
ඔහු එම ගමේ වෙසෙන කඩවසම් තරුණයෙකි. ඔහු ගමේ සිටින පොහොසත් පවුලක තරුණියක් සමග පෙමින් වෙළී සිට ඇත. තරුණියත් ඔහුට ඉතා ආදරයෙන් සිට ඇත. කෙසේ වෙතත් මෙම සම්බන්ධතාව පිළිබඳව වටින් ගොඩින් ආරංචි වූ තරුණයාෙග් පියා මෙම සම්බන්ධතාව නවතා දමන ලෙස කිහිපවිටක් තරුණයාට බල කර ඇත. තරුණිය විසින් එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇයට නිවසින් එළියට යාමට ඇයගේ පියා විසින් අවසර ලබාදී නොමැත.
තරුණිය බැලීම සඳහා තරුණයා කිහිප විටක් තරුණියගේ නිවස අසලට ගියද එය අසාර්ථක වූයේ නිතර පියා මැදුරේ සිට මාර්ගය දෙස බලා සිටින බැවිනි. මේ ගැන තරුණයා සිය මිතුරන්ට පැවසූ පසු ඔහුගේ මිතුරන් විසින් තරුණියගේ පියා කැමති කරවා ගැනීමට අපූරු උපක්‍රමයක් තරුණයාට කියා දී ඇත. එය අසා දැන ගත් තරුණයා කිසිදු බියක් සැකක් නොමැතිව තරුණිය ගේ නිවස අසල පාපැදියකින් කරක් ගැසීමට පටන්ගෙන ඇත. මෙය දුටු තරුණියගේ පියා යකා ආරූඪ වී තරුණයා අසලට පැමිණ වහාම මේ සම්බන්ධය නවත්වන ලෙසත් මේවා කිසි දිනක කෙරෙන දේවල් නොවන බවත් පවසා ඇත. එවිට තරුණයා පවසා ඇත්තේ ‘‘අනේ අංකල් මම දැන් ඔයාගේ දුවත් එක්ක තියෙන සම්බන්ධය නැවැත්තුවා. මම ආවේ අල්ලපු ගෙදර ඇන්ටි බලන්නයි ” පවසා ඇත.
තරුණියගේ පියා අල්ලපු ගෙදර රූමත් කාන්තාව සමග සම්බන්ධයක් කලක සිට ගොඩ නගා ගෙන ඇත. තරුණයාගේ කීමෙන් කලබලයට පත්වූ තරුණියගේ පියා ‘‘අනේ පුතේ අපේ දුවත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න එපා මම ඒකට ආයෙ විරුද්ධ වෙන්නේ නැහැ” පවසා ඇත. කෙසේ වෙතත් තරුණියගේ පියාගේ අවසරය මත තරුණියගේ නිවසටම ගොස් ආදරේ කිරීමට තරුණයාට අවස්ථාව උදාවිය.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අනාගත මාමාට බෑනාගෙන් අපූරු පාඩමක්
අබිලින් Tuesday, 26 May 2020 12:56 AM
මුට්ටියකින් අමුඩගැසූ මිනිහා පරගල. ලොසින්ජරත් කලවානේ සිටුවා පැලකළා... අපිළිවෙලට වුණත් කලවානේ යහළුවන් කියනු ඇසූ කවියෙන් මට මතක තියෙන්නේ ඒ පද දෙක පමණයි..