IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


අතදරුවාගේ ඇඳුමේ හංගා හිරේ ඉන්න සැමියාට තිදරු මව කුඩු ඇදලා

(මොරටුව - රේඛා තරංගනී ෆොන්සේකා සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රිමාන්ඞ් කර සිටින සැමියාට දීමට අත දරුවකුගේ ඇඳුමේ හංගාගෙන හෙරොයින් රැගෙන පැමිණි බව කියන තිදරු මවක් හෙරොයින් ග්‍රෑම් එකොළහක් සමග කොල්ලුපිටිය උත්තරානන්ද මාවතේදී (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


ලැබුණු තොරතුරකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගත් බව සඳහන් කරන පොලිසිය ඇය අවස්ථා කිහිපයකදී මෙලෙස හෙරොයින් ප්‍රවාහනය සිදු කර ඇති බව පොලිසිය පවසයි.


හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන ඇගේ සැමියා මාස හයක කාලයක සිට බන්ධනාගාරගතව සිටින බවටත් සැකකාරිය ඔහුට කුඩු සපයන බවටත් ඔහු එක පැකට්ටුවක් රුපියල් හාරදහසක මිලකට බන්ධනාගාරය තුළ අලෙවි කරන බවටත් තොරතුරු හෙළි වූ බව පොලිසිය කියයි.


කිසිවෙකුටත් සැක නොසිතෙන පරිදි සිය මාස එකොළහක් වයසැති දරුවාගේ ඇඳුමේ හෙරොයින් සඟවා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට හෙරොයින් රැගෙන ආවේ යැයි ඇතිවූ සැකයක් මත කළ වැටලීමේදී හෙරොයින් සමග සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


සැකකාරිය තිදරු මවක් බව සඳහන් කරන පොලිසිය ඇගේ සැමියා හෙරොයින්වලට දැඩිව ඇබ්බැහිවූවකු බව ද කියයි.


අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බව කියන පොලිසිය ඇය වයස අවුරුදු 35 ක කාන්තාවක් බව ද කියයි.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොල්ලුපිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.බී.එස්. ප්‍රියදර්ශන මහතාගේ අධීක්ෂණයෙන් උප පොලිස් පරීක්ෂක ආර්.එම්.පී. වික්‍රම මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන (69369) මංජුල, (72318) අමරසිංහ, (85961) අබේරත්න, 88256 දිනේෂ්, 2960 දිල්ෂාන්, කාන්තා පොලිස් කොස්තාපල් 9748 දිල්හානි යන නිලධාරීහු පවත්වති.

 



අදහස් (0)

අතදරුවාගේ ඇඳුමේ හංගා හිරේ ඉන්න සැමියාට තිදරු මව කුඩු ඇදලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 580 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 748 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1197 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1530 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1013 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


සොහොන් කොත වැරදී කණුවට ඉටිපන්දම් පත්තු කරලා
2024 අප්‍රේල් මස 08 854 0

සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1466 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site