තම කොන්දේ ආබාධයට ප්‍රතිකාර ගැනීම සඳහා රෝගියෙක් වෛද්‍යවරයකු හමුවීමට රෝහලකට ගියේය. රෝගීහු විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා පැමිණ සිටියහ. තම වාරය පැමිණි පසු රෝගියා වෛද්‍යවරයා හමුවිය.


“වාඩිවෙන්න” යැයි අතින් සංඥා කළ වෛද්‍යවරයා, “මොකක්ද අමාරුව” යනුවෙන් විමසීය.


“ඩොක්ටර් මගේ කොන්ද රිදෙනවා” රෝගියා පැවසීය.


රෝගියා දෙස බැලූ වෛද්‍යවරයා, “දැන් මට කතා කළේ ඩොක්ටර් කියලනේ. එහෙනම් ලෙඩෙත් ඉංග්‍රීසියෙන්ම කියන්න” යැයි පැවසීය.
එවිට රෝගියා “මම ඉංග්‍රීසි දන්නේ නැහැනේ” යැයි පැවසූ විට වෛද්‍යවරයා කීවේ, “ඩොක්ටර් කියන්නේ ඉංග්‍රීසි වචනයක්නේ. සිංහලෙන් කියන්නේ දොස්තර මහත්තයා, එහෙම නැත්නම් වෛද්‍යතුමා කියලයි. එහෙම කතා කරලා සිංහලෙන් ලෙඬේ විස්තර කරන්න.

පුළුවන්නේ. එහෙම නේද” යනුවෙන් විමසීය.


එවිට රෝගියා, “වෛද්‍යතුමා, දැනට සති දෙකක ඉඳලා මගේ කොන්ද රිදෙනවා” යැයි පැවසීය. වෛද්‍යවරයා රෝගියා පරීක්‍ෂා කර බෙහෙත් ලියාදුන්නේය. 


“බොහොම ස්තුතියි. වෛද්‍යතුමා” යනුවෙන් පැවසූ රෝගියා පිටව ගියේ “වෙනදා නම් ඩොක්ටර් ඔහොම කතා කරලා නැහැ” යැයි තමාටම කියා ගනිමිනි.


ප්‍රාදේශීය රෝහලක සිදුවීමකි.


ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුර.