Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෝහලෙන් දුන් බේත් තුන්ඩුවට බේත් ගැනීමට මුදල් නොමැතිව ඖෂධ වෙළඳසලක් අසල පසු වු රෝගී වයෝවෘද්ධ මවකට භික්ෂූන් වහන්සේ නමක් බේත් අරන් දීමේ පුවතක් අවිස්සාවේල්ලෙන් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
ඇය වසර 80 ක් 85 ක් පමණ වයසැති කාන්තාවකි. නමුත් අසරණය.
වයෝවෘද්ධ කාන්තාව ඖෂධ අලෙවි සලට පැමිණ අලෙවිකරුට මෙසේ පැවසුවාය.
අනේ මහත්තයෝ මගේ කොන්දත් රිදෙනවා. අතපයත් රිදෙනවා. හරියට මුළු සර්වාංගයම වනයක් වගේ. මම රෝහලට ගියා. ඊයේ රෑ ඉඳලා හිටියා. එළි වුණා. පස්සේ දොස්තර මහත්තයා බලලා තුන්ඩුවක් ලියලා මට බේත් ටික දෙන්න මෙන්න තුන්ඩුව.
ඖෂධ අලෙවිකරු
අම්මේ මේක කෝස් එකක් ඔක්කෝම එකට ගන්න ඕනෑ.
වයෝවෘද්ධ කාන්තාව
මහත්තයා මක්ක කීවේ. මට තේරෙන්නේ නැහැ.
ඖෂධ අලෙවිකරු
අම්මේ. මේකේ තියෙන බේත් වර්ග ඔක්කෝම එකට ගන්න ඕනෑ.
වයෝවෘද්ධ කාන්තාව
අනේ මහත්තයෝ මා ළඟ තියෙන්නේ මෙච්චරයි.
නෝට්ටු සහ කාසි ගණන් කරමින්
ඖෂධ අලෙවිකරු
මුදල් ටික ගණන් කර අම්මේ මුදල් මදිනේ.
වයෝවෘද්ධ කාන්තාව
එහෙනම් ඔය බේත් වලින් භාගයක් දෙන්න.
මේ දෙස බලා සිටි මුණ්ඩිලගල ආරණ්‍ය සේනාසනාධිපති අසරණසරණ මිල්ලෑවේ මහින්ද නාහිමියෝ ඔය අම්මට සල්ලි නැති බව පේනවා. ඒක නිසා අම්මගෙන් සල්ලි එපා. ඔක්කොම බේත් වලට සල්ලි මම දෙන්නම්.
ඖෂධ අලෙවිකරු
අපේ හාමුදුරුවන් එහෙනම් මම දෙන්නම්.
වයෝවෘද්ධ කාන්තාව
“ඔබ වහන්සේ මගේ ලෙඬේ දැක්කා. අනේ සාධු මතු බුදු වන බුදුවරයෙක් ඔබ වහන්සේ” පැවසීය.
(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරලආරච්චි)
mahinda Sunday, 12 August 2018 07:17 AM
සැබෑ සංඝ පීතෘන් වහන්සේ නමක්... රාජ්‍ය දේපල අවභාවිතා කල අයට අධිකරණයන් නියම වූ දඩය ගෙවීමට මුදල් පමණක් පිඩුසිඟා ඇවිදින හාමුදුරුවරු බහුල මේ රටේ මේ සංඝ පීතෘන් වහන්සේ මහත් ආදර්ශයකි. ඔබ වහන්සේට නිරෝගී සුවය.
Reply : 0 130
saman Wednesday, 15 August 2018 05:54 AM
අම්ම ඔක්ක්කොම බේත් එකට ගත්තද දන්නේ නැහැ,හොයල බැලුවොත් නරකද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.