Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)
ගෙහිමි කතකගෙන් ගෝනියක්ද ඉල්ලා ගෙදරවත්තේ පොල් ටික කඩාගෙන ගිය අපූරු සොරෙකු පිළිබඳව කටුගස්තොටට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේයි.
ඇගේ සැමියා විධායක ශ්‍රේණියේ රැකියාවක නිරතවූවකු වන අතර රැකියාව සඳහා ඔහු තම මෝටර්රථයෙන් පිටත්ව ගියේ සුපුරුදු පරිදි උදෑසනින්මය.
එසේ ගිය සුළු මොහොතකින් නිවසට පැමිණි පුද්ගලයෙකු ගෙදර වත්තේ ඇති පොල් ගස් දෙකෙහි පොල් ටික කඩා දෙන ලෙස ඇගේ සැමියා තමාට පවසා මුදල් ද දී ගිය බව පවසමින් ඇගෙන් ගෝනියක් ද ඉල්ලා ගෙන ඇත්තේ කඩන පොල් නිවසටම ගෙනැවිත් දමන අරමුණෙනි.
කෙමෙන් කෙමෙන් මධ්‍යහනය ද ළඟාවූ බැවින් පොල් කඩා නිවසටම ගෙන එන බවට පවසමින් ගිය පුද්ගලයාගේ නොපැමිණීම පිළිබඳව විපරම් කළ ඇය ඔහු නුදුටු තැන වහා තම සැමියාට දුරකතන ඇමතුමක් දී සිදුවූ සිද්ධිය පැවසුවාය.
දුරකතන ඇමතුමෙන් අන්දමන්ද වූ ඇගේ සැමියා මෙම අපූරු සොරකම පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමටද පියවර ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.
Ruksha Friday, 13 July 2018 11:22 AM
මොකද්ද අනේ ඒ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.