පෞද්ගලික බස් රථය පිටකොටුව දක්වා ධාවනය වෙමින් තිබුණි. බස් නැවතුමකදී නිල ඇඳුමින් සැරසුණු පොලිස් කොස්තාපල්වරයෙක් බසයට ගොඩ වුයේය. කොන්දොස්තර මුදල් ගැනීමට ඔහු ළඟට පැමිණියේය. රුපියල් දහයක් කොන්දොස්තර අත තැබු පොලිස් නිලධාරියා අසුනක වාඩිවිය.


 “කොහාටද” කොන්දොස්තර විමසීය. “ඉස්සරහා හෝල්ට් එකෙන් බහිනවා.” පොලිස් නිලධාරියා පැවසීය. “තව රුපියල් දෙකක් ඕනේ”කොන්දොස්තර නුරුස්නා හඬින් පැවසීය. 


“සිල්ලර නැහැ  තියෙන්නේ රුපියල් සියයක් පොලිස්  නිලධාරියා කීය.


“එහෙම බැහැනේ”යැයි පැවසුවේ කොන්දොස්තරය.


අසල සිටි මඟියෙක් රුපියල් දෙක දීමට කටයුතු කළේය. මඟියාට ස්තුති කළ පොලිස් නිලධාරියා බස් නැවතුමෙන් බැස ගියේය.


කොන්දොස්තර මඟියාට යළි  රුපියල් දෙකදී “මට පොලිස්කාරයන් පෙන්නන්නබැහැ.”  යනුවෙන් පැවසුවේ කෝපයෙනි. 


“ඒ මොකද?“මගියා විමසූ විට  ,කොන්දොස්තර මෙසේ කීය. 


දවසක මම යාළුවෙක්ව දාගෙන මෝටර් සයිකලේ අතුරු පාරක ගියා. යාළුවාට හෙල්මට් තිබුනේ නැහැ. පොලීසියෙන් මාව නවත්තලා දඩ කොළයක් ලියන්න ගත්තා. එතකොට තවත් මෝටසයිකලයක දෙන්නෙක් යනවා පිටිපස්සේ කෙනාට හෙල්මට් නැහැ. මම එක් දඩ කොළේ ලියන රාලහාමිට පෙන්නුවා. එතකොට එයා විසිල් කරලා නවත්වන්න හදද්දී අනෙක් රාලහාමි කිව්වා ඒ අපේ එක්කෙනෙක් කියලා. එයාලා බේරුණා. මම දඩ කෑවා. එදා ඉඳන් මම හරි හතරහයි පොලිසියත් එක්ක.


ක්‍රිස්ට්‍රෝපර් සිපියන්