(තිහගොඩ උපසේන ලියනගම)


මාතර කොළඹ වෙරළබඩ මාර්ගයේ දිවෙන බස් රථයකි. උදේ පාන්දරම නිසා බසය අතුරු සිදුරු නැතිව මගීන්ගෙන් පිරී තිබුණි. කාර්යාල ලිපිකරුවන් යැයි සිතිය හැකි තිදෙනකු බසයට නැග ඉදිරිපස ආසන අසලට ආවේ නිවාඩු චක‍්‍රලේඛයක් ගැන කතා කරමිනි. 

”බිරිය දරුවන් ලැබෙන කාලය තුළ සැමියාටත් නිවාඩු ගන්න පුළුවනි.” එක් අයකු කීවෙන් අනෙකා කීවේ එය පැරණි නීතියක් බවත් පිටරටවල ක‍්‍රියාත්මක වන බවත්ය. ”හරි ෂෝක් ඉතින් පිරිමින්ටත් බබාලා හම්බෙනවද?” අනෙකා කීවේ වටපිට බලමිනි. 

”දරුවෝ නොලැබුණාට ඒ වාසිය තියෙනවා.” අනිකා කීවේ ඉඟි කරමිනි. මේ සමගම ඉදිරි අසුණේ වාඩි වී සිටි හැඩි දැඩි තරුණයකු ”නිකං හින්ට් අරින්න එපා. මම ගැබිනි සීට් එකේ වාඩි වුණේ කවුරුවත් නැති නිසා” කියමින් වේගයෙන් නැගිට තරුණයින්ට තර්ජනය කළේය. 

අන්ද මන්ද වූ තරුණයින් ඒ දෙස බලන විට මේ තැනැත්තා ගර්භනී මව්වරුන් සඳහා වෙන් කරන ලද ආසනයේ වාඩි වි සිටි අයකු බව පෙනුණි. දෙපිරිස අරගලයකට සූදානම් වූවත් කොන්දොස්තර මැදිහත් වී අනුන්ගේ තොප්පි දාගන්න එපා යැයි තරුණයාට අවවාද කළෙන් ඔහු බසයේ පසුපසට ගියේ කෝපයෙන් පුපුරමිනි.