ඇය බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ කාන්තා පාසලක 10 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවකි.


ගුරු- විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා ඇය පාසලට ආවේ අම්මා සමගය.


“අද ඉස්කෝලේ නැහැ.  විදුහල්පති කීවා ළමයි ආපසු යවන්න කියා”  එසේ කීවේ මුරකරුවාය.


ඒ වන විට විදුහලේ දොරටුව වසා තිබු බැවින් වෙන්න ඇති කියා අම්මා දියණිය සමග ගෙදර ගියාය .


පසු දිනයේ එම දියණිය පාසල් යාම සඳහා සූදානමක් නොවු බැවින් ‘ඇයි දූ අදත් ඉස්කෝලේ යන්නේ නැද්ද ?’ යි අම්මා විමසුවාය.
‘ඔව් අම්මේ අදත් ඉස්කෝලේ නැහැ.’


‘දුව කොහොමද  දැනගත්තේ.’


‘අම්මේ මම අර ඊයේ ඉස්කෝලේ නැහැ කිව්ව මුරකාර අන්කල්ට මම කෝල් එකක් දුන්නා.’


‘ඒ මාමා තමයි අදත් ඉස්කෝලේ නැහැ කිව්වේ.’


‘කමක් නැහැ අපි ගිහින් බලමු’ කියා අම්මා දියණිය ලෑස්ති කරවාගෙන පාසලට ගියාය.


පාසල පැවැත්වෙන බව දුටු අම්මාට තරහ ගියේය.


’ඇයි දුව, මේ ඉස්කෝලේ පැවැත්වෙනවානේ.’ අම්මා සැරපරුෂ ලෙසට දුවට දොස් නැගුවාය.


‘හොඳයි අම්මම මට කියන්නකෝ කලින් දවසෙත් අපි ආපහු හැරිලා ගියේ  මුරකාර අන්කල් ඉස්කෝලේ නැහැ කිව්ව නිසානේ.?’ ‘


‘ඉතින් මම එයා කිව්ව නිසා තමයි ඉස්කෝලේ නැහැ කියල කිව්වේ.’ දුව පිළිතුරු දුන්නාය .


කෙසේ නමුත් අම්මා මුරකරුගෙන් විමසූවිට ඔහු පවසා ඇත්තේ කලින්දා විදුහල්පතිගේ උපදෙස්මත  ළමයින් ආපසු හරවා ඇරියත් අදනම් කාටවත් තමා කතා නොකළ බවය.


පාසල් පද්ධතියේ කඩාවැටීම ගැන දුක් වෙමින් අම්මා දියණිය සමග ගෙදර ගොස් ඇත්තේ පාසල් පාලනය කරන්නේ මුරකරුවන් දැයි සිතමිනි.
(බදුල්ලේ පාලිත ආරියවංශ)