පසුගිය දිනෙක පාන් අලෙවි සැලකට ගොඩ වූ මැදිවියේ කාන්තාවකි. “මට පාන් රත්තල් පහක් දෙන්න” යැයි ඇය පැවසුවාය. 


පාන් මිලදී ගත් ඈ නිවසට පැමිණෙන අතරේ ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඇමතුමට පිළිතුරු දීම සඳහා ඇය තම අතේ තිබූ පාන් අඩංගු බෑගය මාර්ගය අයිනේ තබා දුරකතනයට පිළිතුරු දෙන්නට වූවාය. එසැනින් පැමිණි සුනඛයෙක් පාන් බෑගයට මුත්‍රා කිරීම සඳහා කකුල එසවීය. එය දුටු කාන්තාව කෑ ගසන්නට වූවාය. බිය වූ සුනඛයා දුවන්නට වුයේ මුත්‍රා කිරීමද අමතක කරමිනි.


“ඒ කාලේ බල්ලෝ මුත්‍රා කලේ ගස්ගස්වලට. දැන් මුං පාන්වලටත් මුත්‍රා කරනවානේ” කාන්තාව පැවසුවාය.


ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුර