(බළපිටියේ  එස්. ඒ. වයි. ද සිල්වා)
දිනය ඉකුත් 20 වැනි සඳුදාය. කොග්ගල ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයකි. හැටන් සිට ගාල්ල බලා ධාවනය වන බස් රථය අම්බලන්ගොඩ බස් නැවතුම් පොළට ළඟා වන විට පෙරවරු නවයයි පහළොවත් විස්සත් අතර පමණ විය.


 අම්බලන්ගොඩ බස් නැවතුම් පොළේදී මගීන්ගෙන් බස් රථය පිරී සිටියදීත් විනාඩි දහයකටත් වඩා වැඩි කාලයක් නතර කර ගෙන සිටියේය. 


මේ බස් එක යන්නෙ නැද්ද? දැන් විනාඩි කීයක් නතර කරගෙන සිටියද? අපිත් හදිසි වැඩ වලටයි යන්නේ. ඉක්මනට යන්න.


බස් රථයේ ඉදිරිපස අසුන්ගෙන සිටි මැදිවියේ පසු වූ මගියකු කොන්දොස්තරවරයාගෙන් ඉල්ලා සිටියේය. 


වඩා උස් නොවූ සිහින් සිරුරකින් හෙබි තරුණ කොන්දොස්තරවරයාට යකා නැග්ගේය.


‘මොකක්ද තමුසේ ඒ ඇහුවේ.  මේක මගේ බස් එක. මට ඕන විදියට, මට ඕන වෙලාවට බස් එක ගෙනියන්නේ. මම කෑ ගහල කිසිම කෙනෙක් බලෙන් නග්ග ගත්තෙ නැහැ. බලෙන් නග්ග ගන්නෙත් නැහැ. හදිසි කෙනෙකුට වෙන ඕනම බස් එකක යන්න පු`ඵවන්.’


වපර ඇසකින් බැලූ කොන්දොස්තරවරයා ගෝරනාඩු කළේ පාතාලයේ චණ්ඩියකු ලෙසිනි. 


කිසිවක් කර කියා ගත නොහැකි වූ මගියා නිහඬව සිටියේය. 


තමාට ඕන විදියට ධාවනය කරන්න පෞද්ගලික බස් රථයක හිමිකරුවකුටවත් කීමට අයිතියක් නැත. එහෙත් කොග්ගල ඩිපෝවේ මේ කොන්දොස්තරවරයාට බස් රථයක් අයිති වුණේ කොහොමදැයි මගීහු ප්‍රශ්න කරති.