(කුරුණෑගල අධිකරණ රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
සාස්තරයකට කිවූ මග සලකුණු ඔස්සේ පැමිණි ඥාති පිරිසක් පෙම්වතකු සමග පැන ගිය තම බාලවයස්කාර දැරිය සොයාගත් පුවතක් එක්තරා ප්‍රදේශයකින් වාර්තා විය.


වයස අවුරුදු 14ක දැරියක් අවුරුදු 18ක් වයසැති සිය පෙම්වතා සමග පැනගොස් ඇත්තේ සතියක පමණ කාලයක පැවති ප්‍රේමයක ප්‍රතිඵලයක් ලෙසිනි.


දැරිය අතුරුදන්වීම පිළිබඳව විමසීමේදී කපු මහතා කියූ මග ඔස්සේ පැමිණි ඥාතීන්ට මෙම පෙම්වතුන් දෙපළ පෙම්වතාගේ ඥාතියකුගේ නිවසේ සිටින බවට තොරතුරු ලැබිණ. මේ පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් කරන ලදුව පොලිසිය විසින් යුවළ පොලිසිය භාරයට ගනු ලැබූහ.


මේ වන විට දැරිය වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා රෝහල් ගත කර ඇති අතර පෙම්වතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.