(බිබිල ජිනපාල දිසානායක)

නාමින් සිටි තරුණියකගේ දිය රෙද්ද ගලවා දමා ඇය වැළඳගෙන තමා ඇයට ආදරේ බව පැවැසූ 28 වියැති තරුණයකු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපන් කිරීමෙන් පසු රුපියල් 1500 ක දඩ මුදල් ගෙවන ලෙසත් එම මුදල නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිතව මසක සිරදඬුවමක් හා වසර 5කට අත්හිටවූ අවුරුදු 1ක සිරදඬුවම් මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය නියම කළාය.

අදාළ තරුණියට සිදුවූ අතවරය වෙනුවෙන් රුපියල් 10,000 ක වන්දි මුදල් ගෙවන ලෙසත් මහේස්ත්‍රාත් නියෝග කළාය.

බිබිල පොලිස් ස්ථානාධිපති ආරියබන්දු වෙදගෙදර මහතාගේ උපදෙස් මත නිලධාරීහු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.