(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
දිනපතා කසිප්පු පානය කිරීමට ඇබ්බැහිවී සිටින පිරිසකට කසිප්පු මිලදී ගැනීමට ගෙන ආ මුදලින් ගමේ කඩයෙන් නිවෙස්වලට අවශ්‍ය කරන බඩු මිලදී ගෙන ගිය පුවතකි.
මේ වාර්තාවූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයකිනි. එම ගම්මානයේ කසිප්පු බීමට පුරුදුව සිටි පිරිසකි. දවසේ වැඩපොළ නිමවී ඇඳිරි වැටීගෙන එන යාමයේ ඔවුන් ගමේ කඩය අසළට එක්වන්නේ යතුරුපැදියකින් පැමිණ කසිප්පු පැකට් අලෙවි කරන පුද්ගලයකුනේ කසිප්පු මිලදී ගැනීමටය.
මීට මාස කිහිපයකට පෙර එම ගම්මානය අයත් පොලිස් ස්ථානයට නව ස්ථානාධිපතිවරයෙක් පැමිණ වැඩ බාරගෙන තිබූ අතර ප්‍රදේශයේ කසිප්පු නිෂ්පාදනය හා අලෙවි කිරීම ශීඝ්‍රයෙන් අඩුවෙමින් පැවතුනේ නව ස්ථානාධිපතිවරයා විසින් නිතර නිතර වැටලීම් සිදුකර කසිප්පු තුරන් කිරීම සඳහා ගත් වෙහෙස නිසාය. පසුගිය දිනක ස්ථානාධිපතිවරයාගේ දුරකථනයට ඇමතුමක් ලැබුණේ ඉහතින් සඳහන් කළ ගම්මනායේ කඩය අසළට සෑම දිනකම සවස 6.00 පමණ පුද්ගලයෙක් යතුරුපැදියකින් කසිප්පු පැකට් රැගෙන එන බවත් ගමේ මත්පැන් පානයට ඇබ්බැහි වූ පිරිසක් කසිප්පු මිලදී ගන්නා බවත්ය. දුරකතන පණිවුඩය ලැබුණ දිනයේම ඇඳිරි වැටීගෙන එන වේලාවේ සිවිල් ඇඳුමකින් සැරසී යතුරුපැදියකින් පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගිය අතර ස්ථානාධිපතිවරයාට දැකගන්නට ලැබුණේ පුද්ගලයින් හත් අට දෙනෙක් එම කඩය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටින අයුරුය. එම ස්ථානයට පැමිණි පොලිස් ස්ථානාධිපතිවරයා හඳුනා ගැනීමට පිරිසට වැඩි වේලාවක් ගත නොවිණි. පිරිස එම ස්ථානයේ රැඳී සිටින්නේ ඇයිද යන්න ස්ථානාධිපතිවරයා විසින් එම පිරිසගෙන් විමසූ අතර ඔවුන් සියලු දෙනාම පවසා සිටියේ නිවෙස්වලට අවශ්‍ය කරන බඩු වර්ග මිලදී ගැනීමට කඩයට පැමිණි බවයි.
හොඳයි ඔයගොල්ල ඔතන රස්තියාදු නොවී කඩෙන් අවශ්‍ය බඩු මිලදී අරන් ඉක්මනින් ගෙවල්වලට යන්න. ස්ථානාධිපතිවරයා එසේ පවසා කඩය අසලට පැමිණි අතර එතැන රැඳී සිටි සියලුම දෙනාම කඩය ඇතුළට පැමිණ නිවෙස්වලට අවශ්‍ය කරන සීනි, තේකොළ, අල, පරිප්පු, සැමන් ආදී ද්‍රව්‍ය මිලට ගෙන එතැනින් පිටව ගියේ කඩිනමිනි. සර් අද කට්ටියම බොන්න ගෙනාපු සල්ලි වලට ගෙවල්වලට බඩු ඇරගෙන ගියා. ඒ මිනිස්සුන්ගේ භාර්යාවන් අද පුදුම වෙලා බලයි මොකද මේ වෙනස කියලා. සිල්ලර කඩයේ මුදලාලි ස්ථානාධිපතිවරයාට පැවසුයේ සිනාමුසු මුහුණිනි. මම අපේ කොස්තාපල්වරුන් දෙන්නෙක් මග නවත්තලා ආවේ. දැන් කෝල් එකක් ආවා මෝටර් බයිසිකල් කසිප්පු පැකට් ගේන මිනිහා අල්ලා ගත්තා කියලා. ස්ථානාධිපතිවරයා පැවසීය.
විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට
අලුත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලුණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කසිප්පු බොන්න ආ කට්ටියම පොලිසියෙන් කඬේ යවලා
liyanage Wednesday, 14 November 2018 05:41 AM
බොහොම හොඳ නිලධාරියෙක් .......එවැනි අය තමයි ..දැන් අපේ රටට අවශ්‍ය ...පන්සලේ නායක හමුදුරුවන්ගේත් ..සහයෝගය මෙයට ලැබුන නම් ..ගමේ ..තවත් ..ගුරුමහතුන් ගෙන් සැදුන්ලත් පිරිසකගේ ආධාරයෙන් ...ගමේ ...ළමා පරපුරට නිසි අද්‍යාපනය ට ...යොමුකොට ..පවුල් ශක්තිමත් ..කොට ...අපේ රට ..වෙනුවෙන් ..ලොකු දෙයක් කල හැකි බව නොවනුමනය
NuwanWednesday, 14 November 2018 12:59 PM
හොඳ කියමනක් .. මාත් එකඟයි ඔබ සමග. නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා නම් පන්සලේ හාමුදුරුවෝ හරියට මිනිස්සු ගැන බලල උපදෙස් දෙනවා නම්... අපරාද, මත්ද්‍රව්‍ය වගේ දේවල් ඉතා අවම කරන්න පුළුවන්...
සෙන්ජීThursday, 15 November 2018 04:40 AM
නොකියාම බැරි දෙයක් ඇත. අතීතයේ හාමුදුරුවන්ගේ, පල්ලියේ පියතුමාගේ, ඉස්කෝල මහතාගේ භූමිකාව අද නොවීම අභාග්‍යකි. ඒ වෙනුවට ඇත්තේ මජර දේශපාලකයීන්ගේ අසික්කිත ක්‍රියාදාමයන් නිසා අන්ද බජල් වූ සමාජයකි