(කෑගල්ල කරුණාරත්න අතුකෝරාල)
තම ජංගම දුරකතනය නිවෙස ඉදිරිපස ඇති ජනෙල් පඩියක් මත තබා නිවෙස පිටුපස පැත්තේ වැඩක නිරත වෙමින් සිටි ගෙහිමියකුට එම ජංගම දුරකතනයට ආ දුරකතන පණිවිඩයකට නිවෙස් සුරතලයට ඇති කරන බල්ලා පිළිතුරක් දී ඇති බව දැකගන්නට ලැබුණු පුවතක් රඹුක්කන කුරුණෑගල පාරේ මතව ප්‍රදේශයෙන් වාර්තා වේ.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
සිය බිරිඳ රැකියාවටත් දරුවන් පාසලටත් ගිය පසුව නිවෙස් තනිවන ඔහු ගෙවත්තේ යම්කිසි වැඩක් පළක් කරගෙන සිටීම පුරුද්දක් කරගෙන සිටියේය. එදිනද නිවෙස පිටුපස මිදුල ළඟ කැලෑවැදී ඇති බැවින් එය සුද්ධ කර දැමිය යුතු යැයි සිතාගත් ඔහු තම ජංගම දුරකතනයට කිසිවකුගෙන් දුරකතන පණිවුඩයක් ආවොත් එය නාදවන හඬ ඇසෙන තෙක් මානයේ නිවෙස ඉදිරිපස ඇති ජනෙල් පඩියක් මත තබා තමා වැඩක නිරතව සිටියේය. ඔහු සිතූ පරිදිම ටික වේලාවකින් ජනෙල් පඩිය මත තබා ආ ජංගම දුරකතනය නාදවන හඬත් ඒ සමඟම නිවසේ සුරතලයට ඇති කරන බල්ලා උඩුබරන හඬත් ඇසී ඒ දෙසට යාමට සැරසෙන විටම දුරකතනය නාදවීම නැවතුණු නිසා නැවතත් තමා යෙදී සිටි කාර්යයෙහිම නිරත විය.
තමා කරමින් සිටි කාර්යය අවසන් කළ ගෙහිමියා ජනෙල් පඩිය මත තිබූ ජංගම දුරකතනය ගැනීම සඳහා එදෙසට ගියේය. එහෙත් තමා ජනෙල් පඩිය මත තබා ආ ජංගම දුරකතනය එම ස්ථානයේ නොමැති බව දුටු ඔහුට වටපිට විපරම් කර බලන විට තම සුරතල් බල්ලා නිදාගෙන සිටින තැනට නුදුරින් ජංගම දුරකතනය සපා කැබලිවලට කඩා දමා ඇති අයුරු දක්නට ලැබුණි.
දුරකතනය නාදවන අවස්ථාවේ බල්ලා උඩු බුරලන ශබ්දයක් ඇසුනේය. දුරකතනයේ නාදවීම එකවරම නතර වුයේත් බල්ලා එය බිමට ඇද දමා සපා කෑම නිසා බව අවබෝධ වුවද ජංගම දුරකතනයක වටිනාකම තිරිසනකුට තේරෙන්නේ කොහොම දැයි සිතා පාඩුව විඳ දරා ගැනීමට ඔහුට සිදුවිය.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ස්මාර්ට්’ කෝල් එකට බල්ලා උත්තරදීලා