තරුණ අඹුසැමි යුවළ පාපන්දු ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූහ. සැමියා විවාහයට පෙර පාපන්දු කණ්ඩායමක සාමාජිකයෙකි. ඔහු රැකියාවක නිරත වූ අතර බිරිඳ නිවසේ ඉවුම් පිහුම් කටයුතුවල යෙදුණාය. නගරයේ පාපන්දු තරගයක් තිබුණොත් දෙදෙනාම එය වැරැද්දුවේ නැත. පසුගිය දිනවල පැවැති ලෝක කුසලාන සෑම තරගයක්ම ඔවුහු නැරඹූහ. ඔවුනගේ ජනප්‍රිය ක්‍රීඩකයන් වූයේ ලයනල් මෙසී හා රොනල්ඩෝය. පෘතුගාලය සහ ආජන්ටිනාව පරාජය වීමෙන් දෙදෙනාම බොහෝ කම්පා වූහ. අවසාන තරගය නැරඹීමට දෙදෙනා රූපවාහිනිය ඉදිරිපිට වාඩිවූහ.
බිරිඳගේ සහයෝගය ක්‍රොඒෂියාවටය. සැමියාගේ ප්‍රාර්ථනය ප්‍රංශය දිනීමය. තරගය අතරතුරදී ඔවුහු ඔට්ටු ඇල්ලූහ. බිරිඳ පැවසුවේ ක්‍රෝඒෂියාව පැරදුණොත් ඇය තම මව්පියන්ගේ නිවසට ගොස් මාසයක් එහි ගත කරන බවය. “බලමු එතකොට කෑම කන්නේ කොහොමද කියලා” ඇය කීවාය.
“ප්‍රංශය පැරදුණොත් මම අපේ අම්මලාගේ ගෙදර යනවා. ඔයා මෙහෙ තනියම ඉන්න” සැමියා ද පැවසීය. ප්‍රංශය ජයග්‍රහණය කර ක්‍රොඒෂියාව පරාජයට පත්විය. බිරිඳ පසුදිනම ඇයගේ මව්පියන්ගේ ගෙදර ගියාය. සැමියා නිවසේ තනිවිය. රැකියාවට ගොස් නිවසට පැමිණි ඔහුට තනිකමක් දැනිනි. මධ්‍යම රාත්‍රියේ නිවසේ දොර වැසූ ඔහු ඇඳුම් බෑගය ද අතැතිව තම යතුරුපැදියෙන් කිලෝමීටර් විස්සක් දුරින් පිහිටි තම මහගෙදරට ගියේය.
ක්‍රිස්ටෝපර් සීපියන්.
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ෆුට්බෝල් ඔට්ටුවෙන් දිනූ සැමියා පැරදිලා